
(අංජුල මහික වීරරත්න)
අප සෙවිය යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් විකෘතිය ඇති කළ අය මිස එක් එක් අයගේ පෞද්ගලික ජීවිත ගැන නොවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද රටේ ලොකුම මාතෘකාව බවට අධ්‍යාපනය පත්වී ඇති බව කී විපක්ෂ නායකවරයා අධ්‍යාපනය රටේ ලොකුම මාතෘකාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනීමට අදාලව බවත් මේ මොහොත වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ බරපතල අඩුපාඩුකම් ඌනතා නිර්මාණය වී විෂමාචාරී තැනට අධ්‍යාපනය පත් වී අධ්‍යාපනය තුළට අසභ්‍යකරණය එක් වී ඇති බව පැවසීය.
මේ අවස්ථාවේ වැදගත් වන්නේ අධ්‍යාපන අමාත්‍යවරියගේ හෝ අගමැතිනියගේ පෞද්ගලික රුචි අරුචිකම් හෝ හැසිරීම් හෝ පෞද්ගලික තීන්දු නොවන බව කී විපක්ෂ නායකවරයා ලක්ෂ 220 ජනතාවගේ පුද්ගලිකත්වය අනික් අයට අදාල නැති වුවත් අද ඒවා ඉස්මතු කර අධ්‍යාපනයේ ඇති වැදගත් ගැටලුව යටපත් කර ඇති බව කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ කොලොන්න මූලික රෝහලට රුපියල් ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ කියන විපක්ෂෙ අයම තමයි අනුන්ගේ පෞද්ගලික ජීවිත ජාතික ප්‍රතිපත්තියක් කරගෙන තප්පුලන්නේ. රටකාපු පත්තර, ටීවී, වෙබ්සයිට් බැලුවොත් පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා..
අනාගත නායකතුමෝ මේ රටේ ඉන්න හැම කුඩා දරුවන්ගෙන් සිට විශ්ව විද්‍යාල දරුවන් දක්වාම දවසට පැය කීපයක් හරි මෝබයිල් ෆොන් පාවිච්චි කරනවා. මේ කියන ලින්ක් පලහිලව්ව පොඩ්ඩක් හරි මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා කෙතරම් බොලද කියා. සම්ප්‍රදායික ගෝත්‍රික දේශපාලනයෙන් ඔබ්බට යෑමට ඔබතුමන් හට නුවණ පෑදේවා.
මේ ප්‍රකාශය තේරුම් ගන්න නම් පොඩි ළමයෙක් වෙච්ච අයට නම් බෑ තමයි.