
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව 2024 වසරේ මේ වනවිට මෙරට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269ක් දක්වා ඉහළ දැමීමට හැකි වී තිබේ.
සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් මිලියන 230කි. එමෙන්ම මෙරට මෙතෙක් පැවැති වාර්ෂික කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 220 - 230 දක්වා වේ. මෙම තත්ත්වය පසුගිය කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය හා රසායනික පොහොර අර්බුදය උග්‍ර ලෙස පැවැති අවස්ථාවේ පහත වැටුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මස් ගණන් වැඩි හින්දා කුකුල් මස් අලෙවිය වැඩි වුණු බවත් නොදන්නා අපගේ කෘෂිකර්ම ඇමැති
කොහොමටත් ඔය ඇමතියා ගොන් කතා කියන්ඩ දස්සයි කියලා අපි දැනගෙන හුගක් කල්?
මිලත් කප්ගහලා තියෙන්නේ...