IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඖෂධ සංස්ථාවේ ලොක්කන් 3කට හොර පාරෙන් කෝටි ගාණක් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිල වාහන හිමිකාරීත්වය නොමැති කළමනාකරුවන් තිදෙනෙකුට නීති විරෝධීව රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයක ප්‍රවාහන සහ ඉන්ධන දීමනා ගෙවා ඇතැයි  ජාතික විගණන  කාර්යාලය  නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම ප්‍රවාහන සහ ඉන්ධන දීමනාගෙවා ඇතැයි පැවසෙන්නේ 2012 වසරේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලයේදීය.

නිල වාහන හිමිකාරීත්වය ලැබීමට සුදුසුකම් ඇත්තේ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සහ එම දෙපාර්තමේන්තුව 2016 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛ අංක MSD /30 HM 1-1 ගනේ හෝ ඊට ඉහළ මට්ටමේ තනතුරක් දරන අයට පමණක් බවත් ඊට පටහැනිව සංස්ථාව මෙම කළමනාකරුවන් තිදෙනාට ප්‍රවාහන සහ ඉන්ධනාදීම නම් මෙසේ ගෙවා තිබූ බවත් වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්තාව  පාර්ලිමේන්තුවට පසුගිය 3 වැනිදා නිකුත් කෙරිණ.

 



අදහස් (2)

ඖෂධ සංස්ථාවේ ලොක්කන් 3කට හොර පාරෙන් කෝටි ගාණක් ගෙවලා

Wanniarachchi Thursday, 12 June 2025 02:12 PM

ඉතින් හිටපු ඇමතියට බැනල හිතහදාගමු. එතකොට ඉවරයි නේ.අවශ්‍යනම් ඕව නැවත අයකරගතහැකි ක්‍රම ඕනෑතරම් තියනවා. ඒවා අමතකකරලා කාටහරි බැන බැන ඉමු. රට හැදෙයි

:       5       2

රුවන් Friday, 13 June 2025 02:07 PM

වන්නිආරච්චි නමට හරි යන වන්නිය. මොළයක් ඇත සිතක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site