
(අංජුල මහික වීරරත්න)
ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු නිසා ඇතිවන ඖෂධ සැපයීම්, බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ සහාය ඍජුවම ලබා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වමින් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළ අතර, එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත කිරීමේ දී අමාත්‍ය මණ්ඩලය ලබාදුන් උපදෙස් අනුව මෙරට රජය අනෙකුත් රාජ්‍යන් ගෙන් ඍජුවම ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ විධිමත් කමිටුවක් පත්කර ඉදිරි කටයුතු දියත් කිරීමට සැලසුම් කර ඇත.
එම ක්‍රමවේදය යටතේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ද එකඟතාවය ලබාගෙන නැවත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමටත් ඒ අනුව මෙරට ඖෂධ සැපයුම් ජාලය යථාතත්වයට පත් කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව මෙම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර හා සමුපකාර අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තුමේන්තුව යන අමාත්‍යාංශ හා ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මේ වන විට පත් කර ඇති අතර එම කමිටුවේ සභාපතිත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කාලයක් බලයට පත්වූ ආණ්ඩුවල ඇමැතිවරයන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද ඖෂධ සමාගම් වල කොමිස් කුට්ටි වලට වහා වැටිලා බාල ඖෂධ හා අධික මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගත් බව රටම දන්නා කාරණයක් ! ඒ වගේම රාජ්‍යයන් අතර සිදුවන වෙළඳ ගණුදෙණු වලදී ස්ථාවරභාවය වගවීම විශ්වාසනීයත්වය හා සාධාරණ මිල ගණන් යන කාරණා වලට ප්‍රමුඛත්වය ලැබෙන බැවින් සැපයීම් බදා අඩුවන තුරු පමණක් නොවේ. දිගටම එය පර්‍වත්වාගෙන යන්න සෞඛ්‍ය ඇමැතිවරයා මැදිහත් විය යුතුයි.
සරලව කිව්වොත් මීට පස්සෙ ටෙන්ඩර් කැඳවීමක් නැත. ඉන්දීය ආණ්ඩුවෙන් දෙන කුණු ගොඩවල් ඕනෑම ගාණක් ගෙවලා අපේ ආන්ඩුව ගන්නවා.