
(යොහාන් භාසුර)
ඖෂධ මිල අඩු කිරීමේ හැකියාව තිබුණ ද ඖෂධ ගෙන්වන ආයතනයක් පවරා ඇති නඩුවක් හේතුවෙන් එය වැළකී ඇති බවත් අධිකරණය පනවා ඇති තහනම් නියෝගය ඉවත් කළ පසු ඖධ්‍ය මිල අඩු කිරීම නිසිපරිදි නියාමනය කර ජනතාවට දරාගත හැකි මිලට ඖෂධ සැපයීමට කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එසේ සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරී මුහුණදී සිටි අර්බුදකාරී තත්වයෙන් මිදී මේ වන විට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ ඇති බවත් එම අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ආයතනයක් බවට හැකි ඉක්මණින් පත්වීමට හැකියාව ඇති බවත් ඒ මහතා කීය.
ඖෂධ ලියාපදිංචිය, තත්ව පරීක්‍ෂණය සහ ලිපි ගණදෙනු සඳහා ඊ සිස්ටම් එකක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පසුගිය වර්ෂය තුළ මෙවැනි ව්‍යාපෘති ඇතු`ඵ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මූලික වගකීම සහ පරමාර්තය ජනතාවට සුරක්‍ෂිත, ප්‍රමිතියෙන් යුත් සාධාරණ මිලට ඖෂධ සැපයීම බවත් පසුගිය කාලයේ ජනතාව ඖෂධ පිළිබද්‍ව විශ්වාසය නැති වූ බවත් ඒ මහතා කීය.
ඖධෂ සම්බන්ධ ලියාපදිංචි සහතික සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට ආරක්‍ෂිත ක්‍රමයක් මේ වන විට ක්‍රියාත්මක බවත් වර්ණ හයකින් යුත් නව සුරක්‍ෂිත ලියාපදිංචි සහතික හදුන්වාදී ඇති බවත් ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ඕගොල්ලන්ට කියන්නේ දැම්මම නම් ලෙඩ වෙන්න එපා හදිස්සියකටවත්... ඉවසලා ඉන්න මේ මහත්තුරු ඖෂධ අඩුකරනකන්. පවුලේ අයටත් කියන්න.
ආණ්ඩුව මෝෂන් එකක් දමලා ගරු අධිකරණෙන් ඉල්ලීමක් කළොත් ඔය තිබෙන බාධක ඉවත් කරලා දෙන්න කියලා ගරු අධිකරණය ඉවත බලන එකක් නැහැ. ගරු අධිකරණය නිතරම පෙනී සිටියේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ජීවිතයත්, මරණයත් අතරේ ප්‍රශ්නෙකදී අධිකරණය ජනතාව ආරක්ෂා වෙන මානව හිතවාදී තීන්දු තීරණ ගනීවි... ඔබලා මාධ්‍ය ප්‍රකාශ දෙන්න කලින් අධිකරණයට ආයාචනයක් කළාද?
මට ඕනෙ ලෙඩක් හොඳ කරන්න පුළුවන්.. ඒත් කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව ටිකකුයි ඕනෑ වෙනවා.
බෙහෙත් මිලදී ගන්න අද රටේ බහුතර ජනතාවට රැකියාවක් නැහැ. පින් සිදුවෙනවා මිල අඩුකරන්න.
සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරීන්ට බෙහෙත් සමාගම් වලින් කොමිස් ලැබෙනවා එම නිසා ඔවුන්ට මෙම නඩුව පනින රිලවට ඉනිමන් තිබ්බ වගේ නඩුව ඉක්මන් කරගෙන ජනතාවට සහනයක් සලසන්න ඔවුන්ට අවශ්‍ය නැහැ , කරුණාකර රජය මෙම කරණය සම්බන්ධෙන් සොයා බලන්න ,