
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන තරුණ තරුණියන් පිරිසකගේ ධන පරිත්‍යාගයන් පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත රුපියල් ලක්ෂ 30 ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.
කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ මාර්ගයෙන් එම වෛද්‍ය උපරකණ ලබා දීම අද සිදු කෙරිණි.
එම වෛද්‍ය උපකරණ තොගය පානදුර කේතුමතී රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය නයනජිත් කොමසාරු මහතා වෙත කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා ලබා දුන් අයුරු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදත් රට ගැන ආදරයක් තියෙන්නේ පිටරට ඉන්න අයට. ඔබලාට ගොඩක් පිං.
බොහෝ රටවල වෙසෙන සියළුම ශ්‍රී ලාංකික ජනතාව ද එයම කරන බැවින් ඇත්තෙන්ම ඔවුන් ඉතා උතුම් දේ කර ඇත. අපි නවසීලන්තයේ සිටින අතර, ඔක්සිජන් කට්ටල 7 ක් සහ උපාංග වටිනාකම ඩොලර් NZ 35,000 ක් පරිත්‍යාග කළෙමු ...
යුතුකම් ඉටු කරනව කිව්වෙ? ඒ ගොල්ලො ආණ්ඩුවෙ සල්ලි වලින්, ආණ්ඩුව අරන් දුන්නු රස්සා වලටද පිටරට ගියේ? ඒ ගොල්ලො බැඳිල ඉන්නවද එහෙම මෙහෙට උදව් කරන්න? නෑ, ඒ ගොල්ලලන්ගෙ මනුස්සකම නිසා එහෙම උපකාරයක් කලා මිසක් මේක යුතුකම් ඉටු කිරීමක් නෙමේ.
තම රට වෙනුවෙන් මෙවන් උතුම් කටයුත්තක් සිදු කිරීම ඉතා අගය කොට සලකමි. මුලතිව්හි දිස්ත්‍රික්කයේ මෙ වනවිට අප විසින් පෙර පාසැලක් ඉදිකරමින් පවතින අතර එයට හැකි අයුරින් දායකත්වය දෙනමෙන්ද ඉල්ලා සිටිමි.
දේශපාලනඥයින්ට කාබාසිනියා කිරීම සඳහා ජනතාව පරිත්‍යාග කළ යුතු අතර කැප විය යුතුය. අප කෙතරම් නින්දිත රටක් වීද?