
(සමන්ත යහම්පත්)
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි.
මෙම කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර එම උත්සවයට ව්‍යාවස්ථාදායක සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක ඉවාන් මුල්හොලන්ඩ් මන්ත්‍රිවරයාගේ සත්කාරකත්වය ලබා දී ඇත. එරට විපක්ෂ නායක ජෝන් පෙසුටෝ හා රිචඩ් වෙල්ඩ් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.
එරට පාර්ලිමේන්තුවෙන් ලැබුණු ඉහළම ගෞවරය වන අතර මෙරට කලාකුරවකු එවැනි ගෞවරයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ මෙහිදී රූකාන්ත - චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලකද ටද, බෑනනුවන් වන සංගීතවේදී සනුක වික්‍රමසිංහට ද විශේෂ සම්මාන පිරිනැමිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි. ඔබ රූකාන්ත සැමට ජයෙන් ජය ලැබේවා...!
අපට සතුටුයි, ඡන්දේ අවසන්වන තෙක් එන්න හිතන්නවත් එපා...!
සුබ පැතුම්...!
සුබපැතුම් රූකාන්ත, චන්ද්‍රෙල්ඛා ඇතුළු පවුලේ සැමට... දෙවි පිහිටයි...
මේ පාර මේ දෙන්නා සජිත්ට වැඩ නේද?
රූකාන්තට, චන්ද්‍රලේකාට සහ පවුලේ සැමට සුභ පැතුම්
සුබ පැතුම්..!
ඇති හැකි අය ඔවුනොවුන්ගේ පිටවල් කසා ගැනීමට තවත් වචනයකි සම්මාන. තවද එම සම්මාන වලට වටිනාකමක් ලැබෙන්නේ නැති බැරි උදවිය කුස පිරිමදිමින් ප්‍රේක්ෂකයින් බවට පත් වූ විටදීයි.
හරිම සතුටුයි. ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තබන්න දායක වූවාට. එවගේම රෑ - සඳ කලා ලොවේ පූජණීයයි. නමුත් අපේ රටේ තිබෙන බලලෝභී, කුහක, ඊර්ෂ්‍යාකාරි ගුණමකු ඉහළ පෙළේ වැජඹුණු දේශපාලඥයින්ගේ උදහසින් ශ්‍රී ලාංකිකයෙකුට ව්‍යවස්ථාවෙන් හිමිවුණු නිදහසක් වන තමන් කැමැති දේශපාලන පක්ෂයකට ඡන්දය දීම අනුග්‍රහ කිරීම කැමැති අපේක්ෂකයෙකු තෝරාපත් කරගැනීමට ඇති අයිතිය අහිමි කොට තලා පෙලා, කොණ්ඩ කපා, ගෙවල් ගිණිතබා භීතියටපත් කළා. අන්තිමේ රට හැරයන්න වුනා. ශ්‍රී ලංකා රජය කරන්න ඕනෑදෙයක් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව කළාට ඔවුන්ටත් ස්තූතියි.
බැරිද එහෙවත් නතර වෙන්න...?
සුබපැතුම්...!
මොකක්ද කරපු සේවය..? ඊයේ කොන්සර්ට් කරලා සල්ලි හම්බකරගත්තා... ලංකාවේ දුප්පත් ළමයින්ට පන්ති දාලා ඉගැන්නුවේ නම් නෑ.
ඕස්ට්‍රේලියාවේ කියලා වෙනසක් නෑ. මෙහෙ වගේම පිස්සන් එහෙ පාර්ලිමේන්තුවේත් ඉන්නවා. රූකාන්තගේ සංගීතය ප්‍රියයි. හැසිරීම සහ දේශපාලනය අප්‍රියයි...
සුද්දෝ ඔවුන් වගේ ආගම අදහන, අය වගේ අන්දින, ඒ වගේ හිතන self-enslaved අයට හරි කැමැතියි. අපේ අමරදේවලා සුද්දන්ට පේන්න බෑ.
ඔවුන් හිතනවා ඇති මේ අයගේ කවුරුහරි කියලා. ඇමෙරිකාවේ කාලයක් හිටියානේ, එහෙට කල සේවයට වෙන්න ඇති. විහිළු.
මේ සම්මානවල ඇත්ත ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් ලියන්න...
ඔන්න දැන් නම් සුවිශේෂී දක්ෂතා ඇති කලාකරුවෙක් කියලා ලැයිස්තුවෙන් පිට ගිහින් පී ආර් හදාගන්න පුළුවන් වෙයි. කලින් වතාවේ වගේ දේශපාලන රැකවරණ අරවට, මේවට නොගිහින් හරියට වැඩේ දන්න කෙනෙක් අල්ලගන්න.
හැම දෙයකටම දේශපාලනය ගෙවා ගන්න ගොන් සෙට් එකක් කොහෙත් ඉන්නවා.
අනේද කියන්නේ…? මෙතුමාගේ සේවය ලන්කාවේ ජනතාවට හරියට ලැබුණා... දේශපාලුවොත් එක්ක බයිලා නටලා… කීයක් හරි මිනිස්සුන්ගෙන් කඩා ගත්තා මිසක් බයිලා ගහලා ලාන්කික සන්ගීතයට මොකක්ද කළේ…?
නියමයි. රූකාන්ත ඇතුලු පවුලේ සැමට සුබ පැතුම්! ජෙප්පන්ට නම් කටු අනිනවා වගේ ඒකටත්. කමෙන්ට් වලින්ම ඉරිසියාව දෝර ගලායනවා. ඔවුන්ගේ ගංජා ගහන, නාන්නේ නැති, කොන්ඩේ හැඩපලු ගෙතිච්ච හොටු ජෙප්පෙක් මොකක් හරි සමූපකාරෙකින්වත් සම්මානයක් ගත්තා නම් බලන්න තිබුණා කියන උදාන වාක්‍යටික...
පිස්සු පීකුදු. මේවා ලංකාවේ ඉන්න හරක්ට හොඳයි. මෙහේ සුද්දෙකුට මෙයාගේ නම කිව්වොත් අහලා නෑ විතරක් නෙමෙයි. ලංකාවේ සංගීතයක් ගැනවත් අහලා නෑ. ගූගල් කරලා බලපන්කෝ, මෙහෙම සීන් එකක් එහේ පාර්ලිමන්ට් එකේ වෙලාද කියලා...
අමුතු සීන් එකක් ඔස්ට්‍රේලියාවවත් දන්නේ නැතිව සමිමාන දීලා .....
සුබපැතුම්...!
සුබ පැතුම්..... පවුලේ සියලුදෙනාටම දෙවි පිහිටයි....
මෙල්බන් වල ලංකාවේ ලොකු ජනගහනයක් ඉන්නවා.සමහර අයගේ ජොබ් එක සල්ලි කාරයන්ගේ සල්ලි එකතු කරල හොඳම බිස්නස් කාරය වගේ සම්මාන හදල දෙනවා.ෆන් එකටත් කරනවා . කවුරුත් දන්නේ නැති දේසපාලකයන්ට මේවා පුදුමයි .ඒ අයත් ආසයි
වාව් , නියමයි.
ඇතැමෙකුගේ අදහස් දුටුවහම නැවත අදහසක් ලියන්න සිතුණා. අනේ මන්දා ඇයි මෙතරම් ගුණමකුවෙන්නේ. කලාකරුවන් කියන්නේ හරිම සුන්දර පිරිසක්... ඒ අතරේ ඇතැමෙකුට තිබෙනවා සුවිශේෂී හැකියාවන්. ඒවා බොහෝදුරට ඔවුන්ට ආවේණිකයි. ඔවුන්ගේ ඒ සුවිශේෂ හැකියාවන් යුගයක් තෘප්තිමත් කළා, සංසුන් කළා, පිනෙව්වා... රූකාන්ත කියන්නේත් එදා මෙදාතුරාවට ශ්‍රී ලාංකීය සංගීත අඹරේ පෑයූ සුවිෂේශ රන් තාරකාවක්. ඔහු යුගයක් නැලවූ, පිනවූ , මන්නානන්දයට පත්කළ සුවිශේෂී ගායකයෙක්, සුවිශේෂි සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ ඒ සුවිශේෂ සංගීත අධ්‍යක්ෂණ හැකියාව නිසාම ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අලුතෙන් ගායකයින් එකතු වූවා. නිශ්චිත ගායන හැකියාවන් නොතිබුවූවන් පවා සංගීත ක්ෂේත්‍රයට එකතු කරන්න ඔහුගේ දක්ෂභාවය බලපෑවා. ඔවුන්ට ඔහු දෙවියෙක්. නමුත් ඔහු ශ්‍රී ලාංකිකයෙක් ඔහුටත් කැමති දේශපාලන මතයක් දරන්න, තෝරාගන්න, බලයට ගේන්න ඒ වෙනුවෙන් සක්‍රීයව ක්‍රියා කරන්න පුර්ණ අයිතියක් තිබෙනවා.
අපිත් ඉන්නේ එහෙ. අපි නම් කවදාවත් අහලා නැහැ මේ පවුල වික්ටෝරියා ශ්‍රී ලංකික ප්‍රජාවට කරපු අබමල් රේණුවක තරම සේවයක් මුදල් වලට සංගීත ප්‍රසංගවලට එනවා හැරෙන්නට. මේක මේ කවුරු හරි ප්‍රාන්ත රජයේ ඉන්න නිකම්ම නිකන් කවුරුත් ගණන් ගන්නෙවත් නැති මන්ත්‍රී වරයෙක් ව ගොනාට අන්දලා හරි පුද්ගලික හිතවත් කමකට කරපු දෙයක්. ප්‍රාන්ත රජයක නියෝජ්‍ය විපක්ෂ නායක කියන්නේ නිකම්ම නිකන් මන්ත්‍රී.
අපි ශ්‍රී ලාංකිකයින් ලෙස හිතන්න ඕනෑ මේ මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව. ඒ පිළිබඳව අභිමානයක් තියෙන්න ඕනෑ. එවිට අපේ දේ අගය අපට දැනෙන්න ගන්නවා. අපි බෞද්ධයින් ලෙස කෙනෙකු තුළ තිබෙන ගුණයක් දකින්න පුළුවන් නම්, අගය කරන්න පුළුවන් නම්, වර්ණනා කරන්න පුළුවන් නම් එය සුවිශේෂ ගුණයක් ඒ තුළ ඒ පුද්ගලයා තුළ කුසල් සිත්වැඩෙන්නේ. ඒ කථාකරණ වර්ණණා කරන ඔහුටම මෙලොවටත් පරලොවටත් ශාන්තියක් වෙනවා. ඒ වර්ණනාවට ලක්වෙන පුද්ගලයා තම ගුණ වඩාගන්නවා. දුර්ගුණයෙන් වැළකෙනවා. එය දකින බාහිර අයත් එවන් ගුණවඩා ගන්න වෙහෙසෙනවා. දුර්ගුණ වලින් ඈත්වෙනවා. මේ ක්‍රියාවලියට දායක වන්න පුළුවන් නම් ලෝකය හරි සුන්දරයි නේද? ඒ වෙනුවෙන් තම තමන්ම (මම ම) අධිෂ්ඨාන කරගන්න පුළුවන් නම්.. ලස්සන ලොවක් බිහි වේවි..!