(ඉන්දිකා රාමනායක)
සංචාරක වීසා මගින් මෙරට කතුන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටියදී ලිංගික හිරිහැර කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩතහනමට වූ කුෂාන්ට එරෙහිව ජාත්‍යානතර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාමල ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ සදහා අධිකරණ නියෝග ලබාගෙන , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යාන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලියකියවිල ජාත්‍යාන්තර පොලිස් මූලස්ථානයට මේ වන විටත් යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කුෂාන් නමැත්තාට එරෙහිව ජාත්‍යාන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ගැනීමට පියවර ගෙන ඇත්තේ ඔහු ඕමානයේ සිට මෙරටට නොපැමිණ වෙනත් රටකට පළායාමේ වැඩි ඉඩක් ඇති බවට ඇති වු සැකයක් හේතුවෙන් බව ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd