
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොතටුව පොලිස් ස්ථානයේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු විමසා අවවාද කළ අවස්ථාවේ ඔහු ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිස් ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම ආධුනික කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ තනිකඩ බට නිවෙසට ගොස් පොලිස් නිල ඇඳුම් ගලවා දමා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී නිල ඇඳුම් සහ පොලිස් නිල හැදුනුම් පත ද රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
ගොතටුව පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරු ලෙස මෙම ආධුනික කොස්තාපල්වරයා පෙරේදා දුරකතන ක්‍රියාකරු ලෙස රාජකාරියේ යොදවා සිටිය අතරවාරයේ සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් සිට ඇතැයි කියති.
රාජකාරියේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ රාජකාරියට මෙය බාධාවක් වන බව කියමින් පාලන අංශයේ රාජකාරී කරන පොලිස් නිලධාරිනියක මේ බව පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධුනිකයෙක් නම් හරියාකාරව පුහුණුවක් දීලා නැහැ කියලා හිතෙනවා. දැන්නම් රාජ්‍ය සේවයේ බදවා ගැනීම් කරනවිට පාවිච්චියට ගන්නා දුරකථන විශේෂ දැනුමක් ඇති අයලවා පරීක්ෂාකිරීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනවා නම් හයපතක් වේවි දැන් ද්බොහෝ සෙයින් දුරකථන මේනියාවක් නිසා.. ආයතනවලදී දුරකථන පාවිච්චිය තහනම්. කරන්න ඕනෑ උපහාර ක්‍රමයත් සුදුසු නැහැ. නුදුරේදීම ලංකාවේ තවත් මානසික රෝහල් කීපයක් ආරම්භ කරන්න අවශ්‍ය වේවි. කුඩා දරුවන්ට දුරකථන නිසා කතාකිරීමේ අපහසුතා ඇතිවූ බවක් අහන්න ලැබුණා... රජයේ වගකිව යුත්තන්ගේ අවධානයට යොමුවේවා...
ස්ථානාධිපතිවරයා අවවාද කරද්දී ඔහු ස්ථානාධිපතිට අසභ්‍ය වචනයෙන් බැනවැදී කියල දැක්කම මෙයට අවුරුදු 32 කට පමණ පෙර මම රත්නපුර සේකය කල කාලයේ සීවලී ක්‍රීඩාංගණය අසලින් පාගමනින් යනවිට සතියකට දිනක් දෙකක් පොලිස් නිළධාරි /නිළධාරිනින් ග්‍රවුන්ඩ් එකට ගෙන්වා පෙරෙට්ටු තියනවා තරුනියන් එතැන ඉන්නවා පාරෙ පාසල් දැරියො යනවා කණ්ඩායම භාර සාර්ජන් මේජර් උඩු රැවුල වවල හිටපු හැඩිදැඩි කෙනෙක් .ඉතින් එම වේලාවෙ කියන අසභ්‍ය වචන පාරෙයන දරියන්ට පවා ඇසෙනවා එහි සිටින තරුනියන්ට එහෙම බනිනවා කොච්චර කැතද ඔය ආධුනිකයාත් ඒවා තමයි කියන්න ඇත්තෙ ඒකනේ කුඩා එවුන් අසලදී කුණුහරුප කියන්න එපා කියන්නෙ මේ කොලුවත් ඒවා පුහුණුවේදී ලැබූ ඒවා නිසා හොදයි කියලා හිතන්න ඇති
තැන නොතැන නොබලා මොබයිල් වලින් වීඩියෝ සහ මහ හඬින් සංගීත රස විඳීම මෝඩ විලාසිතාවක් වෙලා.තම පෞද්ගලිකත්වය රැකගන්න ඉයර් ෆෝන් පාවිච්චියට නීති ගේන්න තරමට මේක ජරා පුරුද්දක් වෙලා.
Chandrasiri, පුහුණුව නම් ඉතා හොඳින් ලැබිලා තියෙනවා කියල ඔප්පු උනා වගේ.
මොවුන්ට විනය නැතිව රටක විනය ගොඩනගන්නේ කොහොමද?