(ඩයනා උදයංගනී)
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අද (6) පස්වරුවේ සිදුකෙරිණි.
මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව දේහය එම ආසන දෙව්මැදුරේ භූමදානය කිරීම සිදුවිය.
ඒ විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේය.
දේහය අද උදෑසන උන්වහන්සේ කුලපතිධූරය දැරූ කොළඹ විශ්ව විද්‍යාලය වෙත ද රැගෙන යනු ලැබිණි.
හිටපු අගරදගුරුතුමන් ඉකුත් 3 වැනිදා ස්වර්ගස්ථ විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඔස්වල්ඩ් ගෝමිස් පියතුමෝ සමු දෙති
Hira Tuesday, 07 February 2023 09:22 AM
දෙවියන්ගේ කැමැත්ත
sharm warnTuesday, 07 February 2023 12:24 PM
එතුමා අකාලේ ස්වර්ගස්ථ උනේ නෑ .තමන්ගේ බුද්ධියෙන් රටට වැඩක් කරලා විශ්‍රාම ගිහින් තමයි සමු දුන්නේ .දෙවියන්ගේ කැමැත්ත උපරිමයෙන් ඉටු කරපු කෙනෙක් මිසක් අකාලේ මැරිච්ච කෙනෙක් නෙමෙයි
sharm warn Tuesday, 07 February 2023 10:00 AM
ඔස්වල්ඩ් ගොමිස් පියතුමෙක් නෙමෙයි. . රදගුරු හිමිපානන් කෙනෙක්..