
(යොහාන් භාසුර)
අතිශය ස්වභාවික සංසිද්ධියක් වන කාන්තා ඔසප් චක්‍රය පිළිබඳ සමාජයෙන් නැගෙන අපවාද හේතුවෙන් කාන්තාවන් දුක් විඳින බවත්, එයින් ඔවුන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
"ඔසප් දරිද්‍රතාවයට එරෙහි සාමූහික ක්‍රියාකාරීත්වය" යන තේමාවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ අද (27) පැවති Period Proud 2025" සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
කාන්තාවන්ගේ මාසික ඔසප්වීම අපහාසයට ලක්විය යුතු කරුණක් නොවන බවත් එය ස්වභාවික සංසිද්ධියක් වන අතර ඔසප් සෞඛ්‍යය සහ ඔසප් දරිද්‍රතාවය යනු හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව, ගරුත්වය, සමානාත්මතාවය සහ මානව අයිතිවාසිකම් හා බැඳුණු කාරණයක් බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.
ත්‍රිකුණාමලය, මහනුවර සහ කොළඹ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් අනුව පාසල් සිසුවියන් රැසකට කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමැතිවීම හේතුවෙන් ඔවුන් පාසල් යාම මගහැරෙන බව හෙළි වී ඇති බවත් එසේම බොහෝ කාන්තාවන් අනාරක්ෂිත විකල්පවලට යොමු වීම ඉතාම අවධානම් සහගත තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ප්‍රශ්නයක් මම නම් කොතැනකවත් දැකලා නෑ. මේවා මේ වෙනත් අරමුණු මත මවාපාන දේවල්...
එකම විසඳුම සජිත් ප්‍රේමදාසට ඔය සම්බන්ධ ඇමැතිකම දීලා ආණ්ඩුවට ගන්න එක...
වලේසුදා දේශපාලන අරමුණින් දාපු අදහසක් බව පැහැදිලියි. නොදැනුවත්කමට කණගාටුයි. ඔසප් දිනවල කිලි කියලා මතවාදයක් තියෙනවා. ඒ වගේම ඒ දිනවල අධික වේදනාවක් විඳින රැකියා කරන අය අපහසුතාවට පත්වෙනවා..
පිස්සුද හැටිද?
පැකට් එකක් 300 වෙයි. ඕකේ ගාණ අඩු කරන විදියක් ගැන හිතන්න, ඉස්කෝලෙ ලමයින්ට ගන්න පුළුවන් විදියට, මේ තව දැවෙන ප්‍රශ්න තියනවා මැඩම් මේ රටේ,ඒවා ගැන හිතලා බලන්න, බස් ප්‍රවාහන සේවාව නම් තාම අවුල්.
මේක ඇත්තටම රටේ පවතින ප්‍රශ්නයක් නොවේ, මේ රටේ අතිමහත් බහුතරයක් පිරිමි කාන්තාවන්ගේ ඔසප්වීම ගැන අපවාදයක් හො චෝදනා මුඛයෙන් කතා නොකරන අතර සමහර ආගමික සංස්ථාවන් තුල නම් මේ පිළිබඳව බරපතල අවිද්‍යාත්මක විශ්වාසයන් ගොඩ නැගී තිබේ. නමුත් ඔය වැනි වැඩමුළු සාකච්ඡා හො සම්මන්ත්‍රණ තුලින් ඒම තත්වය මගහරවා ගැනීමට කිසිදු පිටුවහලක් ලැබේ යයි විශ්වාස කිරීමට හැකියාවක් නැති අතර රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ට ආධාර කරන රටවල පෙන්වා ආධාර ලබා ගැනීමට පමණක් මෙවැනි වැඩසටහන් වල මුඛ්‍ය පරමාර්ථය ලෙස සැලකිය හැකිය. කලක සිට රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිනියක් වන වර්ථමාන අගමැතිනිය හරිනි අමරසූරිය මෙවැනි සංදර්ශනාත්මක කටයුතු සදහා ඉත්තෙකු ලෙස පාවිච්චි කිරීම කණගාටුවට කරුණකි.
මේකට විසඳුම් ලෙස අපේ පුනරුද රජයෙන් පාසල් සිසුවියන්ට පැකට් 1 බැගින් ලබාදුන්නු මුළු ජීවිත කාලයටම ඇති වෙන්න. අන්න කරපු වැදගත් වැඩ මේ පාණ්ඩුවෙන්... උදාරයි... උදාරයි...!
ඉතින් අපිට කියන්නේ මොනවද? ඔයාටම ඕක ලේසියෙන්ම විසඳන්න පුළුවන්නේ.