IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා

(චමිලා අල්විස්)

හොරණ නගර සභාවේ  අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

පෙරවරු දහයට අයවැය විශේෂ මහ සභාව කැඳවා තිබූ අතර නියමිත වේලාව වන පෙරවරු දහයට විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයට පැමිණි ඇති අතර  අයවැය සම්මත කොට අවසන් බව විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැන් වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

සභාගර්භයේ ඇති ඔරලෝසුවේ වේලාව වංචා සහගත ලෙස වෙනස් කර වෙලාව 10.05 ලෙස දක්වා මෙම වංචාව කර ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

හොරණ නගර සභාවේ බහුතරය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනා වන විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරන බවත් වංචා සහගත සිදු කළ මෙම සභා රැස්වීම නීති විරෝධී බවට ප්‍රකාශක් කර නැවත නියමිත අයවැය දෙවැනි වර ඉදිරිපත් කිරීම සඳහා මහ සභාව නැවත කැඳවීමට සභාපතිට හා ලේකම්ට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

 



අදහස් (10)

ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා

පප්ප Wednesday, 24 December 2025 08:12 AM

දන්න විදියට නම් ඔය වගේ තක්කඩි කම් පුරුදු පෙර හිටි හොරුන්ට

:       110       49

සමන් විමල් Wednesday, 24 December 2025 12:42 PM

හොර පප්පෙක් රෙදි සෝදයි.

:       19       97

ගුණරත්න Wednesday, 24 December 2025 08:32 AM

මාළිමාවේ ජවිපෙ සැබෑ ස්වරූපය මේක තමයි, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ අයට විහිළුවක්. කාලෙකට කලින් බලය ගන්න මිනී මරාපු උදවිය නෙ, මේ ළඟදිත් ලොක්කෙක් කියා තිබුන ලක්ෂයක් මරලා හෝ බලයෙ ඉන්නවා කියල. ඉතින් පැහැදිළිවම තනිපක්ෂ ඒකාධිපතිවාදයක් හදාගන්න යන මාර්ගයේ වෙන දේවල් තමයි මේ. ඊළඟ මහමැතිවරණ ජනාධිපතිවරණ කාලයේදී මීටත් වඩා අන්ත සිදුවීම් අහන්න ලැබෙයි

:       55       103

කපුරුහාමි Wednesday, 24 December 2025 04:44 PM

දූෂිතම පව්ල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි අමතක වෙලා. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. කොම්පියුටර් ජිල්මාට් කාරයෝ තමා ඒ කාලේ උන්නේ. ඔවුන් තරම් චන්ද, දූෂණ කරපු අය ලොවෙත් නැහැ...

:       56       11

සුරංගොඩ Wednesday, 24 December 2025 09:39 AM

රූපවාහිනීයේ කිව්වෙ නගරාධිපති හා නාගරික කොමසාරිස් කියල ඒත් නගර සභාවෙ එහෙම තනතුරු නැහැ කොහොම වුනත් ලේකම්වරිය වංචාවකට සම්බන්ධ බවක් රූපවාහිනීයේ පුවත්වලුන් පෙනුනා දෙවැන්න පිරිස වැඩිවුනත් විපක්ෂයේ උන්දැලා අපායට යතත් කල් ඇතුව යායුතු බව නොදන්න බව පේනවා දහයට කිව්වම විනාඩි කීපයකට කලින් ගියානම් නරකද තවත් එකක් පොලිසියට ඉල්ලූ නියෝගය දෙන්න බැහැනේ විපක්ෂයේ අය ඕනෑ කමින්ම පාලක පක්ෂය ජයග්‍රහණය කරවා ඇතිබව පැහැදිලියි

:       87       37

Achi Wednesday, 24 December 2025 11:15 AM

අත් ඔරලෝසුවේ වෙලාව හැටියට තිබ්බ ද?

:       74       8

පන්සිළු Wednesday, 24 December 2025 11:22 AM

මාලිමාව නොහොත් ජ.වි.පෙ. යනු දේශපාලන පක්ෂයක් නොවේ. එය මිථ්‍යාදෘෂ්ටික ආගමකි. එයට ඇලුම් කරන්නෝ අන්තවාදීව සහ අන්ධව එය අදහති. පොලිසි ගිහින් වැඩක් නැත. එය මාලිමාකරණය කර හමාරය. කිසිදාක රටේ නොවුණු දෑ කරමින් සිට මොවුන් නික්ම යනු ඇත. එදාට රට තුළ ප්‍රශ්න රාශියක් ගොඩ ගැසී තිබෙනු ඇත.

:       22       76

දයාන් කන්නන්ගර Wednesday, 24 December 2025 04:58 PM

ලංකාවේ මෙතෙක් බිහිවූ, අදූෂිත ජනතාවට හිතැති හොදම රජය මේ මාලිමාව රජය.. මේ ආණ්ඩුව දෙස ඉරිසියාව ක්‍රෝධය මුසුව බලන්නේ ඇත්තෙන්ම කවදාවත් වෙනස් කරන්න බැරි වහල් ගති උපතින්ම පිහිටන මොංගල් කොටසකට විතරයි. ඒ වගේ කාලකන්නි ලෝකේ කොහෙත් ඉන්නවා.

:       13       50

Saman Wednesday, 24 December 2025 05:05 PM

ගෙවුනු අතීතේ හිටපු ඔයතරම් බාල, පහත් නිහීන වැඩ කලේ නැහැ.

:       3       28

BBC Wednesday, 24 December 2025 10:51 PM

අපේ මේ ගොන් විපක්ෂ දේශපාලනය කරන හැම වෙලාවේම හිතන්නේ අයවැය හොඳ හෝ නරක හෝ පරාජය කරන එක හොඳයි කියලා ඔවුන් හේතු පෙන්නලා..., අවශ්‍ය සංශෝධන කරන්න කියලා ජීවිතේට ඉල්ලලා නැහැ. මේ රට මෙහෙම තියෙනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site