(බී.ජී. චතුරංග)

රටේ සමස්ථ ඖෂධ හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් 42%ක් නිෂ්පාදනය කිරීමට නියමිත ඔයාමඩුව " සුව සිරි පුර "ඖෂධ නිෂ්පාදන පුරවරයේ පළමු කර්මාන්ත ශාලාව සදහා මුල් ගල තැබීම පසුගිය දා සිදු කෙරිණි.

සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙළ යටතේ සුවපත් දැයක් - පොහොසත් රටක් යන තේමාව යටතේ ඔයාමඩුව "සුව සිරි පුර" ඖෂධ නිෂ්පාදන කලාපයේ පළමු කර්මාන්ත ශාලාව සදහා මුල්ගල තැබීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු කෙරිණි .

මේ ව්‍යාපෘතිය මගින් ඖෂධ වර්ග 236 ක් හා ශල්‍ය උපකරණ 44 ක් රටේ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කර, තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම ඒ යටතේ අනුරාධපුර ඔයාමඩුව “දැයට කිරුළ” ප්‍රදර්ශනය පැවැති භූමියේ අක්කර 80ක භූමි ප්‍රමාණයක යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය පිහිටුවීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ.