
(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනා මෙරටට ඇතුල්වීමේදී පීසීආර් පරීක්ෂණයට ( Entry p.c.r) ලක් කිරීම මේ මොහොතේදී ඉතා වැදගත් බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
ඔමික්‍රෝන් පැතිරීම වැළැක්වීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
කිසියම් පුද්ගලයකු මෙරටට ඇතුළුවීමේදී පීසීආර් පරීක්ෂණයකට යොමු කර එසැණින්ම ඔහුට හෝ ඇයට හෝටලයකට හෝ නවාතැන් ගන්නා ස්ථානයකට යොමු කළ හැකි බවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල විශේෂිත ජංගම දුරකථන යෙදවුමක් (App) මාර්ගයෙන් අදාළ පුද්ගලයාට දැනුම් දිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා කීවේය.
මෙරටට පැමිණෙන පුද්ගලයාට හෝ සංචාරකයාට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් කිසිදු හිරිහැරයක් හෝ බාධාවක් ඇති නොවන බව පැවසූ අර්ජුන ද සිල්වා මහතා ඩුබායි රාජ්‍යයේ මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බාධාවක් ඇති නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර රටට ඔමික්‍රෝන් මෙන්ම තවත් වයිරස ප්‍රභේද ඉදිරියේදී ඇතුළු විය හැකි බවත් මෙම වයිරස ප්‍රභේදවලින් වැළකීමට ඇති එකම සහ ප්‍රධානතම මාර්ගය කොවිඩ් තෙවැනි එන්නත් මාත්‍රාව බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔමික්‍රොන් වලින් දරුණු තත්වයක් ඇති නොවන බව ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් කියලා තියෙනවා. මේ යන විදියට යන්න දෙන්න
හොඳ අදහසක්. ප්‍රායෝගිකව හිතලා රටට එන අයව හූරා කන්නේ නැතුව කරන්න පුළුවන් ක්‍රමයක් යොදන්න. එක්කෝ අපිට ආවාම අපේ ගෙවල් හෝ සංචාරකයෙක් නම් ඉන්න හෝටලයකට යන්න දීලා පැය 24න් ප්‍රතිඵල දෙන්න. හැබැයි ඉතින් ගෙවල්වලට යන එවුන් ගිය හැටියේ රවුම් ගහන්න ගත්තොත් ඔක්කොම වැඩක් නෑ. ඒ නිසා අපි වගේ ලෝකල් අය ආවමත් කොහෙට හරි අරින්න වෙයි සාධාරණ මිලට.
හැමදාම වගේ පෙරහැර ගියාම වැඩේට ලෑස්ති වුණාම හරි. පම්පෝරි ගැහුවා රටට එන්න දෙන් නෑ කියලා. ඇවිල්ලා මේ පාරත් නාගන්නකොට කියනවා එන අයව pcr කරන්න කියලා. මරු කමිටු. ලෝකයටම එකයි...
ආයෙත් එනවා බොරුව ජනගත කරන්න. රජයේ සේවකයෝ තමයි කොරෝනා විකුණගෙන කන්නේ... ඔයා කරන්න හදන හැමදේකින්ම ගොඩයන්නේ, බෙහෙත් හදන කම්පැණි.. අපේ හරක්ට ඒවා තේරෙන්නේ නැහැ.