IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


’ඔමික්‍රොන්’ පෙනහළුවලට කරන බලපෑම අඩුයි

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය සෙසු විකෘති මෙන් බරපතල රෝගාබාධ ඇති නොකරන්නේ එය පෙනහළුවලට බලපෑමක් නොකරන නිසා යැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබේ.

'කොවිඩ් 19' මුල් වයිරසය සහ ඉන්පසු බිහිවුණු සෙසු විකෘති වයිරස සියල්ල පෙනහළුවලට බලපෑම් ඇති කරන අතර, බොහෝ දෙනකු 'කොවිඩ් නියුමෝනියා' රෝගී තත්ත්වයෙන් මියයයි. කෙසේ නමුත් පවතින විකෘති සහ අලුත් විකෘති රැසක් මුසුවීමෙන් නිර්මාණය වූ 'ඔමික්‍රෝන්' විකෘති වයිරස ප්‍රභේදය පෙනහළුවලට කරන බලපෑම අවම බැවින්, 'ඔමික්‍රෝන්' ආසාදිතයන් රෝහල්ගත කිරීමට සිදුවන අවස්ථා ද අවම බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

පෙනහළුවලට බලපෑමක් නොකළත්, 'ඔමික්‍රෝන්' විකෘතිය සිරුරට ඇතුළු වූ පසු ස්වසන පද්ධතියේ නාසය ඇතුළු ඉහළ කොටස්වල රැඳී පවතී. ඒ නිසා, 'ඔමික්‍රොන්' සෙසු 'කොවිඩ් 19' විකෘතිවලට වඩා (විශේෂයෙන් ඩෙල්ටා විකෘතියට) වඩා සියයට 70 ගුණයකින් සිරුර තුළ පිටපත් නිර්මාණය කිරීම සහ වයිරසය සෙසු අයට බෝ වීමට ඇති ඉඩ වැඩිය. 'ඔමික්‍රෝන්' විකෘතිය ඉතාමත් වේගයෙන් සමාජයේ ව්‍යාප්තවීම සිදුවන්නේ මේ නිසා බව හොංකොං වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ.

මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය සෙමින් සෙමින් 'ඩෙල්ටා' විකෘතිය පසු කරමින් ලොව ප්‍රධානතම 'කොවිඩ් 19' විකෘතිය බවට පත්වෙමින් තිබේ. යුරෝපා රටවල සහ ඇමෙරිකාවේ 'ඔමික්‍රෝන්' විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වෙයි. ප්‍රංශ සෞඛ්‍ය අංශ අනුව, එරට ප්‍රධානතම 'කොවිඩ් 19' ප්‍රභේදය බවට පත්වී ඇත්තේ 'ඔමික්‍රෝන්' ය.

(අල් ජසීරා)



අදහස් (1)

’ඔමික්‍රොන්’ පෙනහළුවලට කරන බලපෑම අඩුයි

sharm warn Wednesday, 05 January 2022 12:29 PM

මොනවා කියනවද මන්දා. අපිත් අහගෙන ඉන්නවා. එන්නත් ගහනව බොරුවට බය කරවලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site