
(රෝෂන් තුෂාර)
දේශීයව හා විදේශීයව රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කිරීමේ ඔන්ලයින් ජාවාරම මෙරට සිට මෙහෙය වූ විදේශීය සයිබර් අපරාධ සැකකරුවන්ට සහය දක්වමින් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන මහනුවර මහා රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ පුතා සහ කැකිරාවේ පුද්ගලයකු ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.
සැකකාර වෛද්‍යවරයා ඇතුළු තිදෙනා සයිබර් අපරාධකරුවන්ට මෙරට බැංකු ගිණුම් විවෘත කරදෙමින්, මුදල් උපයා ඇති බවත් කිස්ටොකරන්සි, බයිනෑන්ස් ගිණුම් මගින් මුදල් ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගත වූ ශ්‍රී ලාංකික දෙදෙනා සහ පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්ඳුනීසියාව ,ඇල්ජීරියාව හා නේපාලය රටවල තරුණයින් 31ක් හා තරුණියන් 05 ක් ඇතුළු සැකකරුවන් 36ට අමතරව මෙම සැකකරුවන් තිදෙනාද නඩුවට ඇතුළත් කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඉදිරිපත් කළ පුද්ගලයින් සැකකරුවන් ලෙස පිළිගත් මහේස්ත්‍රාත්වරයා ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්ලයින් ජාවාරමට දොස්තර සහ පුතා රිමාන්ඩ්