(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ලොව වෙනත් රටවල පවතින තත්වයන්ද එහිදි සැලකිල්ලට යොමු කරන බව හෙතෙම සඳහන් කළේය.
ඇමතිවරයා මෙසේ පැවසුවේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
ඔන්ලයින් වෙළදාමෙන් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
විද්‍යුත් වාණිජ වෙළදාම වර්තමානයේදී සීග්‍ර ලෙස වර්ධනයවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද තවම නැත්තේ බැලුවා, ලැට් බද්ද...
ඔය වනාන්තරවල ජීවත්වන නිට්ටෑවන්ට ඔව්වා අවශ්‍ය නැහැනේ...
බන්දුල, හෙට අනිද්දා මිනිස්සුන්ට වැසිකිළි යනවාටත් බද්දක් ගහන්න ඔයා යෝජනා කරනවා. මීළඟ ඡන්දෙදී බලාගමු. කට්ටියටම හොම්බෙන් යන්න වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි පුතෝ ගිය සැරේ බැසිල් කාරයා කළා වගේ රටෙන් පැනලා යන්න එකෙකුටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ඉපදුණු මිනිස්සු හොඳින් හෝ නරකින් මේ රටේදීම මිය යායුතුයි...
මොලේ අමාරු කාරයෙක්ද කොහේද?
රටේ නිෂ්පාදන ක්‍රියාවල සක්‍රීය නොකොට බදු ආදායමෙන් පමණක් රට කරවීමට අවශ්‍ය වන්නේ විභාග පාස්කරපු නූගතුන් රජය කරවන නිසායි.. එබැවින් මේ නූගතුන්ට බැන වැදීමෙන් ඵලක් නැත. තමන්ට නුසුදුසු තනතුරුවලට ඔවුන් ඔසවා තැබූ ආත්මාර්ථකාමී අමන, මෝඩ මිනිස්සුන්ට මඩු වලිග ප්‍රහාර එල්ල කළ යුතුයි..
හොඳ වැඩක්... හැමදේටම බදු ගහන්න ඕනේ...
සියලුම රටවැසියනි, ඡන්දෙ පැරදිලා මේ අය කාටවත් පණ පිටින් පැනලායන්න දෙන්න එපා.
ඔය නිට්ටෑවා කිව්වේ මටද?
බද්ද ගහලා විතරක් හරියන්නේ නැහැ. ඒ ගෙන්වන බඩු භාණ්ඩ සඳහා හොඳ සේවයක් ලබාදෙන්න. කිසි දැනීමක් නොමැති තැපැල් සේවකයන් හා වරාය සේවකයන්ගේ නොසැලකිල්ල නිසා බොහෝ බඩු භාණ්ඩ විනාශවෙන වාර එපමණයි. බද්ද ගහලා තමන්ගේ මඩිය තරකර ගත්තාට විතරක් මදි. ඒ ගෙන්වන බඩු භාණ්ඩ නැති නාස්ති නොවනසේ ඒවාට නිසි ආරක්ෂාවක් හා නිසි වගකීමක් ලබාදෙන්න.
දැන් ගන්න දෙයක් නෑ. හෙට, අනිද්දා වෙනකොට මිනිස්සුන්ගේ අවයවවලටත් මේ අය බදු ගහනවා. මේ වගේ හරක් දේශපාලකයෝ ඉන්න රටක් ලෝකයේ කොහේවත් නෑ. මේ අය සේරම මකබෑවිලා යන්න ඕනෑ.
බදු ගැහුවාම ගුණාත්මක බව වැඩිවෙනවද?
ඇයි ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඔන්ලයින් ගත්තාම ගහන ස්ටෑම්ප් ඩියුටි එක මදිද? අනිත් දේ තමයි, අලිඑක්ස්ප්‍රස් වගේ සයිට්වලින් ලංකාවට ඩොලර් 5ට වැඩි භාණ්ඩ සාමාන්‍ය තැපෑලෙන් දෙන්නේ නෑ. DHL,UPS, FedEx වගේ මිල වැඩි ශිපිං විතරයි දෙන්නේ... ලංකාවේ තැපෑල ට්‍රැකින් නම්බර් එක අප්ඩෙට් කරන්නේ නැති එක වෙන්න ඇති හේතුව... ඉතින් බදු ගහන්න කලින් තැපැල් සේවය ජාත්‍යන්ත්‍රය සමග ක්‍රමවත් කරන්න.