(සුජිත් හේවාජුලිගේ)
ඔක්සිමීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තීරණය කර ඇත.
මෙයට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මෙයට අමතරව ඔක්සිමීටර් සහ ස්වයංක්‍රීය උෂ්ණත්වමාන මෙරටට ගෙන්වීමට අවසර දීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙසත් රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මහාචාර්යතුමෝ, ලංකාවේ මිනිස්සුන්ට මිල අධික උසස් තත්වයේ ඔක්සිමීටර ලබාගන්න විදිහක් නෑ. දැන් වෙළෙන්දෝ කරන්නේ වැඩි ලාභයක් ගන්න බාල මීටර් විතරක් ගෙන්නවලා වෙළඳපලේ රුපියල් 3000ට විකුණන එකයි.. ඔය උපරිම සිල්ලර මිල චීන සමාගම්වලට දැම්මානම් ඔයිට වැඩිය හොඳයි නේද?
හුඟක් ෆාමසිවල මෙය නැති නිසා ඔන්ලයින් ගෙන්න ගන්න හිතාගෙන පබ්ලික් කමෙන්ට් බැලුවා. එහිදී දැනගන්න ලැබුණා බාල ඔක්සිමීටර් අන්තර්ජාල වෙළෙඳ පලේ බහුල බව. හඳුනන ෆාමසියක් කිව්වා ඒ ගොල්ලන්ටත් ඕඩරයක් හරවා යවන්නත් සිදුවුණා කියලා. ඒ ගොල්ලොත් ඕඩර් කරන්නේ ඔන්ලයින් සීයක තොග වගේ. හැබැයි ආණ්ඩුවේ ටැක්ස් එක වැදුණාට පස්සේ 3000 කට හොඳ ඔක්සි මීටරයක් නම් දිය නොහැකි ගානයි. අපි තනිව අඩුම මිල, එහෙත් සාමාන්‍ය හොඳ එකක් ඕඩර් කරත් 4000 ක් වැටෙනවා. මේ විදියට මිල සීමා කරන එක හොඳ වුණත් වැරදි කියවුම් සහිත බාල ඔක්සි මීටර ගත්තොත් ලෙඩ්ඩු මැරෙයි නේද? මේ ගැනත් බලන්න...
වරකට කොරෝනා රෝගීන් 60000වගේ ගණනක් ඉන්නේ. ලක්ෂ ගණනක් මීටර් ලංකාවේ තියෙනවා. රෝගීන් අතර මාරූ කරගත්තා නම් රටේ හා කාගේත් මුදල් ඉතිරි වේවි.