(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුව වහා කැඳවනු, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු, යනුවෙන් බල කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (05) පස්වරුවේ විරෝධතාවක නිරතවූහ.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූ අතර මේ හේතුවෙන් ඒ අවට රථ වාහන තදබදයක් ඇතිවිය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාව ආරම්භ වූ අතර පිරිස සටන්පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරතවූහ.
ඡායාරූප : ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂූ ..ගාල සෙනග...
මන් බය වුණු තරමක්. "එ්කාබද්ධ" කියලා දැක්ක ගමන් මම උන්නේ අර ගොල්ලෝ කියලා. මේ දවස්වල ලංකාවේ වෙන දේවල් ඒ තරමටම ෆුල් අවුල්...
සූගාලා 49ක් විතර දෙනා ඉන්නවා. අචාර්ය වික්‍රමබාහුට හොඳම තෑග්ග දුන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමයි. රජයේ සේවකයකු ලෙස අනවශ්‍ය කටයුතු වල යොමුවීමට දඬුවමක් ලෙස 1983 දී රස්සාවෙන් දොට්ටම දැම්මා. එතැන් පටන් ජාත්‍යන්තර NGO නාදයට තමා වැඩ කරන්නේ.
බහුතරයකට අවශ්‍ය රට ණය බරින් වැඩිවෙලා විදේශ අතපෙවීම් වැඩිවෙලා රට විනාශවෙලා අකර්මන්‍ය වෙනවට වගේ. එ්කනේ රනිල් මහත්තයට මෙච්චර කැමති.
කෝ මේ පොලිසියේ ලොක්කෝ....... බයයි නේද ..? රස්සාව ගහලා ගියොත්..මිනිස්සුනේ, 1948 ඉඳලාම මේ දෙගොල්ලොම රට කෑවා..අපිව ඒ කියන්නේ ඔබ සියලු දෙනමයි , මාවයි අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්වයි ලෝකයට " ණය" කාරයන් කරපු රැලක් වෙනුවෙන් ඔබ කඩේ යන්නේ ඇයි...ටිකක් හිතන්න.
මේ වගේ අය හැම රටකම ඉන්නවා.
වික්‍රමබාහු සහෝදරයත් කොහේදෝ ඉඳන් ඇවිත් ජයටම ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දඟලනවා වගෙයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ආණ්ඩුව විපක්ෂ නායකයා පත් කරන කොට,විපක්ෂ සංවිධායක පත් කරන කොට සහ චන්ද කල් දාන කොට එතුමා කොහේ හිටියද දන්නේ නැහැ.
බොරුවට පාරේ කෑ ගහන්නේ නැතිව උසාවියේ පැමිණිල්ලක් දාන්න.
බොරුවට පාරේ කෑ ගහන්නේ නැතිව උසාවියේ පැමිණිල්ලක් දාන්න ඕක මහජනතාවට වදයක්