
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙම පද්ධතිය ක්‍රියා විරහිත කිරීමෙන් පසුගිය වෙසක් දිනයේදී ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම් වැනි දේ වළක්වා ගත හැකි බවද ඔහු කීය
ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීම අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd