
(ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සහ මිනිමරුම් විමර්ශන ඒකකය බාර සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පාතාල කල්ලි සමාජිකයන් ඇතුලු පිරිසකගෙන් ඔහුට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා පොලිස්පතිවරයාට , ඇතුලු අංශ කිහියක් වෙත කර තිබු පැමිණිලි සහ බුද්ධි අංශ වාර්තා අනුව මෙම ආරක්ෂාව ලබා දී ඇති බවත් පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
ළමාහේවා මහතාට මෙන්ම ඔහුගේ ගාල්ලේ පුද්ගලික නිවසට,කොළඹ නිළ නිවසට මෙම ආරක්ෂාව ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරියාට ආරක්ෂාව දීම අපිත් අනුමත කරනවා. තර්ජනය කරන එවුන් අල්ලා ගත්තාම ඔවුන්ව ආයුධ පෙන්වන්න එක්ක යන්න. ඊට විරුද්ධ වෙලා මෙතන ලියන ගොයියන්ව අර වෙඩි කන පාතාලයින්ව පෙන්වන්න එක්ක යන්න...
පාත්තයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින්, ඔවුන්ගේ විවිධ ප්‍රයෝජන ගන්න දූෂිත සහ මිනීමරු දේශපාලකයින් සහ ඔවුන්ට උදව් කරන සියල්ලන්ම විනාශ කර දැමිය යුතුයි.