
( සිතුම් චතුරංග)
යාපනය චාවකච්චේරි මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවටගැනීමට හෝ එම රෝහලෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ 09 මාර්ගය අවහිරකරමින් අද (08) විරෝධතාවක නිරත වූහ.
යාපනය සෞඛ්‍ය බලධාරීන් වැඩබලන වෛද්‍ය අධිකාරි රාමනාදන් අර්ජුන මහතා ස්ථාන මාරුකොට ඇති බවට ඊයේ (07) රාත්‍රියේ ලිපියක් මගින් දැනුම් දී ඇති එම ලිපිය බාර නොගැනීමත් සමඟ චාවකච්චේරි පොලිසිය සමඟ පැමිණ වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් හා රෝහල් කාර්ය මණ්ඩලය විරෝධය දක්වනු ලැබීය.
චාවකච්චේරි රෝහලේ දෛණික වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත් , වෛද්‍ය අධිකාරිවරයාට බලපෑම් කිරීම හා යාපනය සෞඛ්‍ය බලධාරීන්ට ඇතුළු පොලිසියේ ක්‍රියාකලාපයන්ට විරෝධය පලකරමින් ඊයේ උදෑසන චාවකච්චේරි නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් කඩසාප්පු වසාදමා හර්තාල් ව්‍යාපාරයක නිරත වූ අතර ප්‍රදේශවාසීහු චාවකච්චේරි මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුහ.
විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ දැඩි රථාවාහන තදබදයක් ඇතිව තිබු අතර චාවකච්චේරි රෝහල වසා දැමීමටද පියවරගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මගුලකටම පාරවල් අවහිර කරනවා. මේක නවත්තන්න බැරිද?