(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකදවුරේ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු ඊයේ  පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝගයක් මත බන්ධනාගාර ගතව සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රැදිවියකු හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනිමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පලාගල ප්‍රදේශයේ රැදවියෙකු මෙසේ පලා ගොස් තිබේ.

එළිමහන් සිරකදවුරේ නිලධාරින් මෙම රැදවියන් දෙදෙනා මල්වතු ඔය ආසන්නයේ වගා කටයුතු සදහා යොමුකර සිටියදි පලාගිය බව පොලිසය කියයි.