
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ජනපතිට සහය දීමට ඉදිරිපත් වෙමින් පැවසීය.
මෙරට පැවති අර්බුදයෙන් පසුව ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සිදුකළ වැඩ කොටස මෙරට සියලු පුරවැසියන් අමතක නොකළ යුතු බවද හිටපු අමාත්‍යවරයා කීය .
වසර 4කට පසුව යළිත් තමා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ මෙරට ඉදිරි අනාගතය යහපත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට බවද කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි නාවින්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි ලම්පඩ මෙවර චන්දෙන් අතුගාවලා දාන්න ඕනේ
මොකද්ද දන්නෙ නෑ දෙනව කිව්ව ඇමති කම ?
ඒක හොඳයි රනිල් එක්කම එකපාර දේශපාලන භූමියෙන් අතුගාලා දාන්න පහසුයි මේ සෙට් එකම.
මමත් කැමතියි රනිල් ජනපති වෙලා මට අගමැතිකම ගන්න. මොකද මට මේක දුවාගන්න බැරිඋනොත් මටත් ගෝඨාට එහා කන්න වෙනවා..
අය්යෝ වලංගු කාලය ඉක්මවා ගොස් බොහෝ කල්ගත වී ඇත. වැලේ වැල් නැතිව ගෙදර වෙලා හිටියේ.උණු වතුර ටිකක් නාලා පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතිව එළියට බැහැලා.පිනිබාල ලෙඩවෙයි.අවරුදු 75 පැන්න අනිත් කෙනාටත් මේක වලංගුයි.
කවුද ඒ? අපි එහෙම එක්කෙනෙක් ගැන අහල නැහැ නේ.
පළාත් පාලන ඡන්දේ නවත්වලා,අධීකරණ තීන්දු ගරු නොකරන පින් ජනපතිගේ ගෑස් බහිනකම් බලාගෙන ඉන්ඩ වෙනවා.
මේකට කමන්ට දාපු අයට දාපු ඩිස් ලයික් දැක්කාම සල්ලි දීලා හදපු මඩ බලකායවල් එළියට බැහැපු බව පැහැදිලිවම පේනවා. ඔවුන්ට කමන්ට් එකක් කොටාගන්න තරම් දැනුමක් නැහැ. ඒක නිසා කලබල වෙන්න එපා... සමාජ යථාර්ථය මොවුන් රොත්තම ගෙදර යැවීමයි...
මුන් තමයි රටේ තරුණයන්ට රට එපා කලේ
සමහර දාට අපේගේ ළඟින් ලොරියක් යනවා. ලවුඩ්ස්පිකර් එකක් දාගෙන පරණ කැඩිච්ච පුටුවකට බේසමක් දෙනවලු, පරණ බෝතල් පත්තර, ඉවත ලන කඩදාසි, කාඩ්බෝඩ්, පරණ යකඩ, පරණ ඇලුමිනියම් හට්ටි මුට්ටි පරණ වොෂින් මැෂින්, ගන්නවලු කියාගෙන. ඒ වගේම පොල්කටු දෙකක් රුපියල් දෙකකට ගන්නවාලු. ඔව්...!!!
චන්ද්‍රිකාගේ කාලයේ වයඹ මැතිවරණය මතකද? විරුද්ධ පක්ෂයට වැඩකරපු ගැහැණු කෙනෙක්ව නිර්වස්තරයෙන් පාරේ ඇදගෙන ගියේ ඔය නාවින්න තමයි. දැන් නම් වලපයයි, ගොඩපයයි. හරියටම රනිල්, දිනේෂ් වගේ...
මෙයා හෙට අනිද්දා යනවා.
ඉතින් අපිට පාන්ද?