
(ටෝනි කරුණානායක,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
සැකකාර පාතාල සාමාජිකයාගේ වෙඩි පහරට ලක් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .
වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකාර පාතාල සාමාජික වෙඩික්කරු වු මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති 29 හැවිරිදි සැකකරුවද මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි . රෝහල් ගත කරන විටත් සැකකරු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරු ඩුබායි හි සැඟවී සිටින මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල නායකයකුගේ වෙඩික්කරුවකු ලෙස සැකකරුව හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි. පොලිස් වෙඩි පහරින් මිය ගොස් සිටින සැකකාර පාතාල සාමාජිකයා භාවිතා කරන ලද ටී 56 වර්ගයේ ගිනි අවිය සැකකරුට වෙඩි වැදී සිටි ස්ථානයේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය , ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (ෂොකෝ ) සමග එක්ව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ප්‍රශ්නය විසඳුනේ ඔන්න ඔහොමයි. මොකද වුනේ කියලාවත් බැලීමක් නැහැ.
එහෙම කෙනෙක් මෙහි සිටිනවා නම් අල්ල ගන්න පුළුවන් පහසුවෙන්ම
අනුර කුමාර කට උල් කර කර දුක පවසන්න ගනීද දන්නෙ නෑ. මොකක් හරි කොනක් තියෙන්නත් ඕනනෙ එයාලට කතා කරන්න. නැතිව ඉතින් මේ වෙනකම් රටට වැඩක් කළා නෙවෙයිනෙ
සුපිරි ..STF එකට අපේ උපහාරය .හෙටත් මේ වගේ නිව්ස් අහන්න ලැබේවා
සුපිරි ..STF එකට අපේ උපහාරය .හෙටත් මේ වගේ නිව්ස් අහන්න ලැබේවා
හැමදාම වෙන දේ. පරීක්ෂණත් නැහැ. නඩුත් නැහැ.
ඒක එයාගෙ විශ්වාසය