(අතුල බණ්ඩාර)
රජරට ප්‍රදේශයේ සහල් මිල යළිත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
සම්බා සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 140 - 160 ත් අතර මිලකටය.නඩු සහල් කිලෝවක් රුපියල් 120 - 130 ත් දක්වා ඉහළ නැග තිබේ.
කිලෝවක් රුපියල් 110 - 120 ත් අතර මිලකට කැකුළු සහල් අලෙවිකෙරෙන අතර ,සුනු සහල් (හුනුසහල්) කිලෝවක මිලද රුපියල් 120 ක් දක්වා ඉහළ දමා තිබේ.
ආණ්ඩුව පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවිකරණ තැනක් සොයාගැනීමට නැතැයි පවසන පාරිභෝගිකයෝ පවසති. රටේ පවතින වාතාවරණය සමග ඇතැම් වෙළෙන්දන් ආහාර ද්‍රව්‍ය හැම එකකින්ම උපරිම ලාභයක් ලබන්නට උත්සාහ කරන බව ද ඔවුහු පවසති.
ඇමතිවරුන් පම්පෝරි ගැසුවද පාරිභෝගික අධිකාරිය ඇතුළුව ආණ්ඩුවේ වගකිවයුතු අංශ ඒ ගැන සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයිද පොරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුල බණ්ඩාර මහත්මයා, ඔබතුමත් පාරිභෝගිකයෙක්නේ... එතකොට ඇති තත්වය ලියන්න.. ඇයි බයද සුදු වෑන් එවයි කියලා...?
පොහොර නොමැතිකම නිසා, ගොවියා ගොවිතැන අතහරින නිසා මේ වසර අවසන් වනවිට සහල් මිල රුපියල් 200 පනීවි. එවිට රටේ ජනතාව නන්දසේනගේ දෙමව්පියෝ සිහිපත් කරාවි.
සහල් මිල ගැන කතාකරලා වැඩක් නැහැ. මැති ඇමැතිවරු නිහඬයි. රටේ ජනතාව අසරණයි. කිහිප දෙනෙකුගේ සහල් මාෆියාව ගැන කතා කරන්න කිසිවෙකුත් නැහැ. පවතින මාෆියාව බිඳ දැමීමට සහල් ආනයනය කිරීමක් විය යුතු නමුත් මේ සම්බන්ධයෙන් කතා කරන්න කිසිවෙකුත් නැහැ.
තව පටන් ගත්තා විතරයි. රට වහපු අයගෙන් බඩුමිල අඩුකරලා ඉල්ලගන්න..