
(අංජුල මහික වීරරත්න)
"එල් බෝඩ්" දේශපාලන පක්ෂ වලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි නමුත් මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය හැම විටම ඇත්ත කියන පක්ෂයක් බව කී අබේවර්ධන මහතා කවුරුන් හෝ මේ මොහොතේ බොරු කියා යන පාර වෙනස් කළොත් ඡන්දෙන් පසුව ඒ අයගේ ගෙවල් වලට ගොස් කන්න බොන්න ඉල්ලා ගන්නට ජනතාවට සිදුවනු ඇති බව පැවසීය.
රනිල් රට බාර ගෙන දේශපාලන පක්ෂ වලට බොරු කීමට නොහැකි වන ආකාරයේ පනතක් පවා සම්මත කරගෙන තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ විනය ගරුක පාරෙන් පිට පැන්නොත් රටට මාවතක් නොමැති වනු ඇති බව කීය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති එක්සත් ලක්වනිතා පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝකර්ලාට, බැංකු මංකොල්ල කාරයින්ට, නාකින්ට මේ වේලාව අන්තිම නීචයි.
පැරදිලා.. පැරදිලා. ජනතාව එපා කියපු තක්කඩි ජඩ දේශපාලන රැකවරණය තිබෙන තාක් මොවුන් නිදහස්.. හවුල් සමාගමේ කොටස්කරුවන්...!
ලස්සන ඡායාරූපයක්... හිස් පුටු ගොඩායි..!
ඔබලා වගේ රට කාපු අයටත් මේ වෙලාව හොඳ නෑ. පරිස්සම් වෙන්න පිනාගේ ගෝලයා...
ඉතින් ඔය "එල් බෝඩ්" දේශපාලන පක්ෂනේ රට බංකොලොත් වෙනකම් උඩ බලාගෙන හිටියේ.
අපේ ගමේ මරණාධාර සමිතියෙත් ඔයිට වඩා සෙනග ඉන්නවා
අනේ අපිට L බෝඩ් එපා... සුපුරුදු හොරුම තමා ඕනේ...
ඔක්කොම 240ට අඩුයි...
ඒකට කමක් නැහැ වජිර මෙදා සැරේ අපි මාලිමාවට...!
"අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට ..." ඔව් ඔව් අපි දන්නවා මිනිහාට අවුරුදු 40 ක විතර අත්දැකීම් තියෙනවා මිනී මරන්න , බැංකු කඩන්න , හොරකම් කරන්න, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න.. . තමුසේ කියන L බෝඩ් එක ගොඩාක් හොඳයි තමුසෙලාගෙ H ( හොරු ) බෝඩ් එකට වඩා. තව ටික දවසකින් රටේ ජනතාව තීරණය කරයි තමුසෙලාට කරන දෙය ගැන. මාලිමාවට ජයවේවා !!!
ඔව් ඔව් ඔහේ වගේ රටත් පක්ශයත් කාපු එවුන්ට නම් දැන් නම් වෙලාව විතරක් නෙවෙයි අනාගතයත් සදහටම අවුල්.මෙයාට නැවත පාර්ලිමේන්තු එන එක එලිනොවෙන හීනයක්.
අවුරුදු තිස් ගානක් වාහනේ ගත්තු ගානේ හප්පගත්තා .තෙල් හොරකම් කරලා විකුනපු ,පාරේ යන්න ඇස් පේන්නෙත් නැති හොරෙකුට වඩා එල් බෝඩ් කාරයෙක් එක්කලා යන එක හොඳ නැතිද ?
ඔය මොනවා කිව්වත් අපේ ඡන්ද මාලිමාවට....
හූ .............................හු ...............ඔච්චරද සෙනග ආවේ ?
මෙච්චර දවසක් රට කරවපු උගත්, බුද්ධිමත් රියදුරන්ගේ තරම පේනවා.. වාහනේ දැන් තියෙන තත්වය දැක්කාම..
මාලිමාවට ජයවෙව්වා