
(සුජිත් හේවාජුලිගේ)
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සෙසු සැකකරුවන්ද විදේශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මෙන්ම නිමල් පෙරේරා නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට අවශ්‍යව ඇත.
මේ සඳහා රතු නිවේදන ලබා ගැනීමටද කටයුතු කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පැමිණීමෙන් පසු කපිල චන්සේන මහතාගේ බිරිඳ ඕස්ට්‍රේලියාවට පලා ගොස් ඇතැයි කියති. ඇය සිය ස්වාමියා කපිල චන්ද්‍රසේන මහතාගේ අවමංගල්‍ය උත්සවයටද සහභාගිවී නැතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd