
(ටී.කේ.ජී.කපිල)
කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ගුවන් සේවයේ මංගල ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ගුවන් මගීන් 157 දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණියහ.
මෙම ගුවන් සේවයේ ගුවන් යානා අගහරුවාදා , බදාදා සහ සිකුරාදා දින වල කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟවෙන බව ගුවන් සේවා නිලධාරීහු පැවසූහ.
කසකස්තානය රන්, රිදී , ඛනිජ තෙල් , ගෑස් ,ගල් අඟුරුවලින් පොහොසත් රටක් වන අතර, ආනයන මෙන් දෙතුන් ගුණයක් අපනයනවලින් ආදායම් ලබන රටක් බව එයා අස්තානා ගුවන් සේවයේ උප සසභාපති චමීන්ද්‍ර ලේනව මහතා , මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීමින් පැවසීය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පැය ගාණක් හොයලා බැලුවා ඉන්ටර්නෙට් එකේ හැම තැනම... බලන් ගියාම අපිටත් වඩා අන්ත රටක්... ඇමෙරිකානු ඩොලර් එක 400ත් පැනලා. ඔය වගේ රටවල් තමයි ඉතින් ආවොත් එන්නේ..
මේ කට්ටිය ශ්‍රී ලංකාවේදී අස්ථාන වෙයිද?
ගුවන්යානය නෙමේ. එන ගුවන් මගීන්ව හෝදලා ගන්න...
කටාර් ඉන්න ශාන්ත. කසකස්තානය ආර්ථිකය අපට වඩා ඉදිරියෙන් බලන්න 2020 සංඛ්‍යා ලේඛන. වර්ෂයකට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම $3,830කි. කසකස්ථානයේ ඩොලර් 9,686 කි...
ඔය වගේ රටවල්වලින් තමයි ආවොත් එන්නේ... නන්නත්තාර වෙන්න...
මමත් දැන් ලංකාවේ අස්ථානගත වෙලා ඉන්නේ... ඕකෙ බැරිද මට ඇෆ්ගනිස්ථානෙවත් ස්ථානගත වෙන්න යන්න?
GDP (PPP) 2020 ඇස්තමේන්තුව • මුළු වැඩිවීම ඩොලර් බිලියන 569.813[7] (41 වැනි) • ඒක පුද්ගල වැඩිවීම ඩොලර් 30,178[7] (53 වැනි) GDP (නාමික) 2020 ඇස්තමේන්තුව • මුළු වැඩිවීම ඩොලර් බිලියන 179.332[7] (එක් ප්‍රමාණය ඩොලර් 56 දක්වා) [7] (69 වැනි තවත් මොනාද ??