(නිපුන් ගරුක)
කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.
මේ වන විට පවතින කෝවිඩ් ප්‍රභේද වල ජාන විකෘති වීම් සමඟ කොරෝනා රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව ද මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කළාය.
එමෙන්ම දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තියේ වැඩිවීමක් ඉදිරියේ දී දැකගත හැකිවේ යැයි අනුමාන කරන බව ද ඇය කීවාය.
ඇල්ෆා ප්‍රභේදය සමග සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණය වැඩිපුර දක්නට නොලැබුණද මේ දිනවල වාර්තා වන කොවිඩ් ප්රභේදවල රෝග ලක්ෂණ ලෙස හෙම්බිරිස්සාව, කැස්ස, උගුර රිදීම, උණ සහ ගඳ සුවඳ නොදැනීම වැඩිපුර දක්නට ලැබෙන බවත් ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අලුත් එක.?
උදේට එක මුහුණක්, දවල්ට තව මුහුණක්, රෑට තව මුහුණක්, කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.
කොරෝනා වලට එකම විසඳුම දේශීය වෙදකම අනුව කටයුතු කිරීම.
අපි එය දැන සිටියෙමු ...
දන්න මගුලකුත් නෑ, කියවිල්ලේ කෙලවරකුත් නෑ. එන්නත් ගහලා රටවල් ඇරලා වැඩ. මේ අය හිතට එන ඒවා කියනවා. කොරොනා වලට විතරක් නෙවෙයි ගොඩක් ලෙඩ තියනවා බෙහෙත් හරියටම නැති. එහෙම කියලා ලෝකේ නතර වෙන්නේ නෑ. සුබවාදී දේ හිතලා ඉදිරියට යනවා.
එන්නතින් අලුත් ප්‍රභේද මට්ටු කරන්න බැරි වෙයි.
ඔය දේශීය වෙදකම , ආයුර්වේදය ගැන බයිලා දොඩවන කට්ටියට මම මේ කියන්නේ ඔය කියන ඒවායින් සනීප කරපු එක ලෙඩෙක් පෙන් නන් න . ඔය මොනවත්ම නැතුව සනීප වෙන ලෙඩ්ඩු නෙමි . මම ඒ පුද්ගලයට වයිද්ය විද්‍යාවට දෙන නොබෙල් තෑග්ග අරන් දෙන්න කටයුතු කරනවා මයි ( මටත් ලැබෙන කීර්තිය !!!!) ඔවි කොරෝන සනීප වෙනවනම් මේ ලෝකේ මෙච්චර ලෙඩ්ඩු මරේවිද ? එන්නත් වලට මෙච්චර මහන්සි වෙන්න ඕන නැහැ නෙව ගිහින් දීල සනීප කරනවකෝ මහත්ම පිනක් නෙව