
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
කොවිඩ් මර්ධන එන්නත් ලබා අනිවාර්යය කිරීමට ගෙන ඇති තීරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන්නැයි ඉල්ලමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු ගොනු කල පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය මේ බව සඳහන් කළාය.
එස්.තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
එසේම එන්නත් කරණ වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රකාශ කිරීමේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පමණක් බවද රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියාය.
වෛද්‍ය ධරණී රාජසිංහම්, රංජිත් සේනානි සෙනෙවිරත්න, නිර්මලාල් හරින් ප්‍රනාන්දු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා, රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.
එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ.කනග්ඊශ්වරන් මහතා සදහන් කලේ කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව ට තීරණය කර ඇති බව ය.
කොවිඩ් එන්නත අනිවාර්යය කරන නීතියක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥ වරයා සදහන් කලේ එම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීමට බලපෑම් කිරීම නීතිවිරෝධී බව ය.
එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1), 14(1)g සහ 14(1)h යන විධිවිධාන මගින් සහතික කර මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.
පෙත්සම පිලිබද වැඩි දුර කරුණු සලකා බැලීම සඳහා ජනවාරි මස 11වැනිදාට කල් තැබිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ.කනග් ඊස්වරන් මහතා පෙනී සිටියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒන්නත්වලින් වළකන්න බැහැ මේක.. මේක අනිවාර්ය කරන්න අවශ්‍ය නෑ.
ලෝකයේ රාජාණ්ඩු පවතින රටකවත් එන්නත්කරණය අනිවාර්ය කර නැහැ. මොකද උන්මාද කාරයින් උසාවි යන වග දන්නවා. අනික එන්නත් පිළිබඳව තවම අධ්‍යයනය කරමිනුයි පවතින්නේ. එන්නත් නොලබපු අයට සංවෘත ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුල් වීම තහනම් කරලයි තියෙන්නේ අනිත් රටවල... මොකද එය එන්නත ලබාගත් අයගේ අයිතිවාසිකමක් සහ සමාජමය වගකීමක් නිසා...
නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදුකර නැතැයි... එතකොට සිරිපාදෙ යද්දී කාඩ් එක රැගෙන එන්න කිව්වේ දෙවියෝද?
උසාවිය ඉදිරියේ කුමක් පැවසුවද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශපාලකයින්ට ඕන ලෙස කඩේ යන අයෙකු බැවින් ඔහු හෝ ඔහුගේ ප්‍රකාශකයකුගේ වචන විශ්වාස කළ නොහැක.
එන්නත් අනිවාර්ය කරන්න... එන්නත් අවශ්‍ය ප්‍රමාණයට තිබෙන්න ඕනෑ නේද?
එන්නත අනිවාර්ය විය යුතුයි..
දැන්වත් කොරෝනා බොරුව තේරුම් ගැනීම සතුටක්.කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ගේමක් බෙහෙත් ජාවාරමක්