
(සුජිත් හේවාජුලිගේ)
පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව
සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා හොරෙන් ෆයිසර් ගහගෙන අපිට චීනෙන් ගෙනාව ජරාව ගහන්න බලකරන එක කුජීතයි නේද? ලංකාවේ වගාව විනශ කිරීමේ දුෂ්ට චේතනාවෙන් අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර නැවක් එව්වා වගේ ඔය චීන එන්නතෙත් ලංකාවේ ජනතාවට බලපාන යමක් අඩංගු නෑ කියලා ඔයාලාට සහතික වෙන්න පුලුවන්ද?
නෝනාවරුනි මහත්වරුනි නාමල් බේබිට ඩිජිටල් ඇමතිකම දුන්නේ මෙන්න මේ අවස්ථාවෙන් ගොඩ යන්න.
හොඳ වැඩක්. හැබැයි කොමිස් කාක්කන්ගෙන් තොරව කලොත් තමා වඩාත් විශිෂ්ඨ.
ඇයි අර ඩිජිටල් ඇමැතිට ඕක කරන්න අමතක වුණාද?
ඔය කරන්න හදන්නේ බටහිර බෙහෙත් නීතිගත කිරීම සහ දේශීය වෙදකම පහතට හෙළීම. ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව මේවට විරුද්ධව උද්ඝෝෂණ කරනවා.
ෆයිසර් අඩු මුදලට ගැනීමට තිබියදී ප්‍රතිශක්තිය අතින් චීනාගේ බාලම එන්නත් විදීමෙන් කොමිස් ගැහුවා කියලා ආරංචි පැතුරුණා. මේ අය ඒ තරම්ම රටේ ජනතාවට ආදරෙයි. සයිනෝෆාම් 2ම විද්ද අයටත් ලෙඩේ හැදුණා. සමහරුන් මියගියා. සමහර අය බේරුණේ ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් නිසයි. ඒ අය අතර බටහිර වෛද්‍යවරුන් සහ හෙදියන්ද සිටිනවා. ධම්මික පැණියට හුරේ දාලා දැඟලුවත්, හැබෑ ආයුර්වේද ප්‍රතිකාර කරන්නට බාධා ඇති කළා. කිසිඳු එන්නතක් නොවිද ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් සමහර අය නිරෝගීව සිටිනවා. ඒ අය ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි..? සයිනෝෆාම් විද මැරුණු අය ගැන කිසි කතාවක් ඇත්තේම නැහැ. ඒත්, එය නොගහ මැරුණු අය ගැන පමණයි කතා කරන්නේ... අනේ මෙහෙමත් දේශපාලනඥයින්...