(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසීය.
මැතිවරණ කොමිසමේ තුන් දෙනෙක් විතරක් ඡන්දය පවත්වන දිනය පිළිගෙන තිබේ නම් අලුතින් කොමිසමක් පත් කර හෝ ඡන්දය පවත්වන ලෙසද ජයසේකර මහතා සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වන අතර ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බවයි.
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නැගී සිටිමින් පැවසූයේ මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතුය කියා ජයසිරි ජයසේකර මහතා කළ යෝජනාව තමා විසින් ස්ථිර කරන බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එන සුමානේ අලුත් මැතිවරණ කොමිසමක්
Buddika Thursday, 23 February 2023 07:02 PM
ඒක හොඳයි. ඒ වගේම ජනතා ඡන්දෙන් අලුත් ජනාධිපතිවරයෙක් ඉතාම ඉක්මණින්ම පත්කළ යුතුයි. මොකද ජනවරමක් නොමැති නායකයෙකුට ජනතාවගේ ප්‍රශ්න සංවේදී නොවන නිසා...
යෝගා Thursday, 23 February 2023 07:15 PM
මේ යන විදියට යුනියන් කාරයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් පටන් ගත්තොත් එහෙම 80 වේ වර්ජකයින්ට වෙච්චි දේම තමයි වෙන්නේ. ජේ ආර් ගේ තියරිම තමයි...
Kapila Thursday, 23 February 2023 11:41 PM
දයාසිරිලාට වැලේ වැල් නැතිවෙන හින්දා ඡන්දෙ කල්දාන්න පොටක් හොයනවා...!
BamunuarachchiMonday, 27 February 2023 12:30 PM
හලෝ ඡන්දෙ තියලා පළාත් පාලනේ වෙන පක්ෂයකට ගියා කියමු. ඊට පස්සේ? ඒ දිනන පක්ෂයට බදු අඩුකරන්න පුළුවන්ද? බඩුමිල, බෙහෙත්මිල, ඉන්ධනමිල පාරිභෝගික බඩුමිල අඩුකරන්න පුළුවන්ද? බැහැ.. එහෙනම් මොකටද රජය ණයවෙලා අලුත් පළාත් පාලන පක්ෂයක් පත් කරන්නේ? ඔවුන් හදන්නේ ඔවුන්ට තිබෙන ජනතා බලය පෙන්වන්න. ඔවුන්ගේ ජනතා බලය බලන්න අපි ණය වෙන්න ඕනෙත් නැහැ.. ඡන්දෙ දමන්න රස්තියාදු වෙන්න ඕනෙත් නැහැ...
Rohana Sunday, 26 February 2023 10:37 AM
ඇයි දැන් තියෙන මැතිවරණ කොමිසම තමන්ට ඕනෑ විදියට කීකරු නැද්ද? මැතිවරණ කොමිසම ස්වාධීනයි කියන එකේ තේරුම මොකක්ද? මේකටත් දේශපාලකයින් ඇඟිලි ගහනවා නම් අනිත් කොමිසම් ගැන කවර කතාද? නීතියක් රීතියක් නැති රටක් මේක.