එදිරිවාදිකම් නවතා උපරිම සංයමයකින් ක්‍රියා කරන්නැයි රුසියානු - යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.
යුක්රේනයේ මෑතකාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යෑම පිළිබඳවා ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත් වී ඇති බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“යුක්‍රේනයේ මෑත කාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත් වී ඇත.
කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳා ගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.”
(055, 034)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘‘එදිරිවාදිකම් නවතා සාමය ආරක්ෂා කරමු‘‘