(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලාංකික කාන්තාවන්ට විදේස් ගෘහ සේවයේ යෙදීම සඳහා උසස් ප්‍රතියෙන් යුත් පුහුණුවක් ලබාදීමට සුළසුම් කර ඇති බව කී එම නිලධාරියා එම පුහුණුව ලබන වසර මුල ආරම්භ කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම වෙනස් වුනාට කරන්න තියෙන්නෙ ලමයි බලන එක ගෙදර පිරිසිදු කරන එක කෑම හදන එකනෙ ගිහින් ඒ ගෙදර වැඩ බලන්න නෙවේනෙ.
නිකම් බොරුවට තනතුරුවල නම් වෙනස් කරන්නේ නැතුව ගෘහ සේවයට යන කාන්තාවන්ගේ ආරක්ෂාව, සුබ සිද්ධිය එම ගෙදර ස්වාමියන්ගේ සහ එම පවුලේ අනිත් සාමාජිකයන්ගේන් සිද්ධ වෙන විදියට වැඩ පිළිවෙළක් සකස් කරන්න කටයුතු කරන්න. ඒවා ගැන දන්නේ නැතිනම් පිලිපීන රජයෙන් ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල මනුූෂ ඇතුළු කණ්ඩායම ඉගෙන ගෙන එව්වා ක්‍රියාත්මක කළොත් හොඳයි. නිකම් කොහෙද යන්නේ මල්ලෙ පොල් කතා කියන්නේ නැතුව.
වල් අලි ..වන අලි කරල ප්‍රශ්න විසඳන්න හදන මෝඩ පාලකයන් සහ නිලධාරීන් මේ පාර ගෘහ සේවිකාව - ගෘහ පාලක කරල ප්‍රශ්න විසඳන්න හදනවා වගේ...මේ වගේ විහිළු සපයන ඔලමොට්ටල වාහෙලා එක්ක රට ගොඩගන්න එක නම් හීනයක්ම තමයි.
ඔය මොන නම දාලා මැදපෙරදිග යැව්වත් කරන්නෙ වහල් සේවය. ජීවිත ගලවගෙන නැවත රටට අවොත් ඇති. රටේ මව්වරුන් මේ වහල් සේවයට නො එවන්න ඒ ඒ පවුල්වල කොන්දක් තියෙන පිරිමි දැනගන්න ඕන. කොන්ද කැඩිල නම් කරන්න දෙයක් නෑ
වල් අලිය වන අලිය ලෙස නම් කලා වගේ
විදේශ නියුක්ති කාර්යාංශයේ බලධාරින්ට හොඳටම පිස්සු හැදිලා වගෙයි පේන්නේ ... අරාබි ලෝකයේ කිලිටි සේදීම ඇතුළු එකී මෙකී නොකී සියලුම පරවැඩ කරන්න මේ රටේ කාන්තාවන් යවා ඔවුන්ගේ ආරක්ෂාව හෝ තහවුරු කළ නොහැකි මේ විකාර කාරයන් කිසිදු තේරුමක් නැති නම් දමා ඔවුන්ගේ බක පණ්ඩිත කම ප්‍රදර්ශනය කරනවා. නම මොකක් උනත්,ඔවුන්ගේ ගැටළු හා දුක් පීඩා තමයි විසඳිය යුතු වන්නේ.ප්‍රශ්න හා දුක් පීඩා විසඳීම වෙනුවට රට නොමඟ යවන සුළු මේ වැඩේ හරියට ඉසේ ඇම්මට කොට්ටෙ මාරුකරනවා වගේ වැඩක් කිව්වට වරදක් නැහැ .
මේගොල්ලො ඒසී කාඹරවල ඉදල නම් වෙනස් කලාට ඒ ගෙවල්වලට ගිහිල්ලා වැඩ කරන්නේ අපේ රටේ කාන්තාවන් . ඒ ගෙවල්වල ස්වාමි දුවලාට ඒව හරියන්නෙ නැ . වහල් සේවය පැය18ක්ම කරගන්නව තව කියන්න බැරි දේවලුත් ඇතුළුව. මෙතුමන්ලාට ඕනකරන්නෙ රටවැසියා මරෝල හරි විදේශ විනිමය හොයාගන්න .මේව ඇවිල්ලා මෝඩචූන් කතා.
ලංකාවේ කළොත් කරන්නේ ඔහොම ඔලමොට්ටල වැඩම තමයි. ගෘහණිය කියලා යැව්වත් කරන්න තියෙන්නේ ගෙදර දොර පිරිසිදු කිරීම, දරුවො බලාගැනිල්ල වැනි කටයුතු තමයි. සමහර අවස්ථාවල පලවෙන ප්රවෘත්ති අනුව අනියම් ගෘහණිය වෙන්න පුළුවන්. මේකත් හරියට ඡන්ද හිමි නාමලේඛනයේ ගෘහ මූලික අත්සන කියලා තිබුණාට ගෘහ මූලිකයාගේ නම මුලින්ම ලියන්න බැහැ වගේ වැඩක් තමයි...!
හවුස් මේඩ් කියන්නේ ලේසි දේවල් නෙවෙයි. සමහරු කියනවා ඕකට ඉගෙන ගන්න ඕනෑද කියලා. මෙහෙ තියෙන බඩුමුට්ටු පාවිච්චි කරන්න දැනගන්න ඕනෑ. මේ රස්සාවට ආසාවක් ඇතිකර ගන්න ඕනෑ. අරමුණක් තියෙන්න ඕනේ මම හම්බ කරනවා කියලා.. මේවායේ ඉන්න අය විවිධාකාරයි. ලංකාවේ වගේ නෙවෙයි... පොඩ්ඩක් පිරිසිදු කරලා රෙස්ට් කරන්න බෑ. සමහරු කැමැති නැහැ ළඟ ඉඳන් වැඩ කියලා දෙන්න.
යට ඇඳුම වෙනුවට කොට කලිසම ඇන්දවීම...
ඉස්සර අපි පුංචි කාලයේ වින්නඹු අම්මා (ඉංග්‍රීසියෙන් මිඩ්වයිෆ්) කියලා කෙනෙක් හැඳින්වීම කළා.. ටික කලකට පස්සේ වින්නඹු මාතාව වුණා.. (එහිදීත් තිබුණේ මිඩ්වයිෆ් කියලා) එහෙම යද්දී දැන් සිංහලෙන් කියනවා පවුල් සෞඛ්‍ය නිලධාරින් කියලා... ඒත් ඉංග්‍රීසියෙන් තියෙන්නේ P.H.M කියලා (මහජන සෞඛ්‍ය මිඩ්වයිෆ් කියලා) එම් අකුරින් කියන්නේ මිඩ්වයිෆ් කියලා... ලංකාවේ මොනවා කිව්වත් ලෝකයේම කියනවා ඇත්තේ එකම වචනයක් වෙන්නත් පුළුවන්...