(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර උත්සවය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට (6) පෙරවරු 9 ට පැවැත්වේ. 

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් මෙවර සංවත්සර උත්සවය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට මල්දම් පළඳවා උපහාර පළ කිරීමෙන් පසු සංවත්සර  උත්සවය ඇරැඹෙයි.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයෙන් අනතුරුව ලබන දෙසැම්බර් මාසයේ පක්ෂ සම්මේලනය දක්වාම අඛන්ඩ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වෙන බව ද වජිර අබේවර්ධන මහතා කීය.එමෙන්ම එජාප සංවත්සර උත්සවයට විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කර තිබෙන බවද එජාප සභාපතිවරයා කීය.