(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබන 12 සහ 13 දිනවල දී ඇරැඹෙයි.
කොළඹින් පටන් ගෙන දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
වත්මන් පාලනය යටතේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදාගැනීමේ පියවරක් ලෙස රට පුරා අවිහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාර පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂය සැලසුම්කර තිබෙන බව කී වජිර අබෙිවර්ධන මහතා එහි පළමු සත්‍යග්‍රහ ව්‍යාපාරය ලබන 25 වෙනිදා කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව ඉහත වැඩසටහන් ක්‍රියාවට නංවන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
මෙම වැඩසටහන් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීත්වය දැනුවත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සිදු කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එජාපයේ කොළඹ වැඩ තව සතියකින් අරඹයි