(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
අගමැතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාට අමතරව ඊට පෙර විශ්‍රාමික සියලු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අරාධනා කර තිබෙන බව කී මහලේකම් වරයා මෙවැනි රැස්වීමකදී අර්ථවත් සංවාදයක් පැවැත්වීය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය යැයිද සඳහන් කළේය. අර්ථවත් සංවාදයක් පවත්වනවා වෙනුවට රාජපක්ෂ තන්ත්‍රය අවධානය යොමු කර ඇත්තේ නායකත්වයට ජාතික සමගිය අවශ්‍ය මොහොතක පක්ෂ දේශපාලනය කිරීම බවද පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව නිල වශයෙන් යලි රැස්වීමට විකල්පයක් ලෙස අදාළ රැස්වීම පිළිගත්තේ නැතත් කොවිඩ් - 19 අර්බුදය හමුවේ දේශපාලනය පසෙකට දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බැවින් යළිත් වරක් ඒ බව ප්‍රකාශ කිරීම සඳහා එම රැස්වීමට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුනද ඉහත සඳහන් හේතු මත එම තීරණය වෙනස් කරගත් බවද පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
කෙසේ වෙතත් කොවිඩ් - 19 උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා උත්සාහයන්ට සහාය වීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් නමුත් එය ඵලදායි ලෙස සිදු කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියා මාර්ග රටේ ව්‍යවස්ථාවට අනුකුල වන බවට රජය සහතික වියයුතුයැයිද පක්ෂ මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
COMMENTS
එම තීරණය නිවැරදිය. කොරෝනා අස්සේ දේශපාලනය කිරීම හෙළා දකිමු. එහෙත් කොරෝනා අවසන් වීමත් සමගම යළිත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උදෙසා වන ජන බලය ගොඩ නගමු. විධායකයේ අත්තනෝමතික ඒකාධිපති පාලනය පරාජය කරමු. අරලියගහ මන්දිරයේ ජෝගි නැටිල්ලෙන් ජනතාවට වන සෙතක් නැත. බොරු කාරයන්ට ඉඩ නොදෙමු.
එම තීරණය නිවැරදිය. කොරෝනා අස්සේ දේශපාලනය කිරීම හෙලා දකිමු. එහෙත් කොරෝනා අවසන් වීමත් සමගම යලිත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උදෙසා වන ජන බලය ගොඩ නගමු. විධායකයේ අත්තනෝමතික ඒකාධිපති පාලනය පරාජය කරමු. අරලියගහ මන්දිරයේ ජෝගි නැටිල්ලෙන් ජනතාවට වන සෙතක් නැත.
හේතුව ඒකද? නැතිනම් සජිත් නොයන එකට ගිහින් පස්ස බිම ඇන ගන්න වේවි කියලද?
එතකොට ඩීල්වලට මොකද වෙන්නේ?
සජිත්ටයි අජිත්ටයි බයේද මෙයාලත් රට කරන්න හිතන්නේ...? මදැයි පරිනත නායකයෙක් හැටියට රනිල් ගැන හිතුව අපිට වෙච්චදේ...
පිස්සෝ රගති... මෝඩයෝ බලා සිටිති.
සෙල්ලම් පාර්ලිමෙන්තුවෙ වියදම් කොහොමද? දවසකට වියදම් අඩුනම් සැමදා සෙල්ලම් එකේ තියමු...
කෙලින් තීරණ ගන්න මෙයා.
මේ ගොල්ලෝ ආව කියල මෙයාල ළඟ කොරෝන වලට බේත් තියෙනවද? ඕනනම් අයෙත් අලුතින් ඩියුටි ෆ්‍රී වාහන ඉල්ලයි, බෙහෙත් ගන්න සිංගප්පුරු යයි, තවත් අවුරුදු හතර හමාරක් කලින් උන්න වගේ උඩ බලාගෙන අහසේ තරු ගනියි. කමිටු දහයක් දොළහක් පත් කරයි. අන්තිමේ පින් බත් කෙලලා යද්දී ජනතා මුදලින් මැරෙනකල් පන්සෝන් එකකුත් ගනියි ඒමදිවට තමුන්ගේ පුතාටත් තාත්තගේ පරණ ජොබ් එක හදල දෙයි එයාටත් අවුරුදු පහකින් පැන්සොන් ගන්න පුළුවන් වෙන්න. ඔන්න ඔහේ යන මලදානෙක යන්න කියන්න.
ලියනගේ මහතාණනි, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී නායකයා නේද පහුගිය අවුරුදු 4ක් තිස්සේ පළාත් සභා ජන්දය නොතියා හිටියේ. මම අදටත් විශ්වාස කරනවා ජනාධිපති ඇතුළු රජය විසින් කොරෝනා වසංගතය දියුණු යයි කියාගන්නා අනිත් රටවල් වලට වඩා ඉතා උසස් අන්දමින් අපේ රටේ කළමනාකරණය කල බව සහ ඉතා සාර්ථක බව. දේශපාලන කුහකයෙක් නොවී යථාර්ථය පිළිගන්න. මේ අවස්ථාවේ පරණ පාර්ලිමේන්තුව රැස් කරලා මොනවා කරන්නද? ඔය පාර්ලිමේන්තුව තිබ්බනං අද මේ රට ඉතාලිය ඇමරිකාවට එහා ගිහින් මෙ රටේ මිනිස්සු මැරිලා. එහෙම වුනානම් අද ඔය ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ ටික හිනාවෙවී මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි ඇමරිකාවේ දවසට මෙච්චර මැරෙනවනම් අපේ දවසට 500ක් මැරුණත් කමක් නැහැ කියලා .
සජිත්-රනිල්-අනුර පිල් සියල්ලම දැන් මුහුණදී සිටින බරපතලම අභියෝගය එයාලට එළියට බැහැල දේශපාලනය කිරීමට නොහැකි වීම. එයාල දන්නව ඡන්දයක් තිබ්බොතින් ලැබෙන ප්‍රතිඵලය. මේ වෙලාවේ ගෝඨාගේ පැත්තට අලුතින් දේශපාලනය කරන්න ඕන නැහැ. ඒකයි මේ හැම ට්‍රයි එකක්ම. ඡන්දෙ අවලංගු කරන්න. ඕක සාමාන්‍ය ජනතාවට නම් ප්‍රශ්නයක වී ඇති පාටක් නැහැ. ඒක තමා මේ යන ක්‍රමරය හොඳා කියලා මතයක් යන්නේ.
අවසානේ හරි මොලේ පෑදීම හොඳයි.
මුලින්ම පුදුමත් හිතුනා එජාපය පාර්ලිමේන්තු රැස්වීම සහභාගි වන බව පැවසුවම. එසේ වන්නට ඇත්තේ කාලීන තත්වයන් අනුව වෙන්නට ඇති. ඒත් දැන් ! ..... කොරෝනා රෝගය හොඳින් පාලනය කෙරෙනවා. ඉතින් ඔය රැස්වීමට ගොස් මොනවා කතා කරන්නද!
අර්ථවත් සංවාදයක් පැවැත්විය නොහැකියි කියා රැස්වීමට සහභාගී නොවී කල් තබාම දැනගැනීමට තරම් මහා ප්‍රාඥයෙකු වූ අකිල විරාජ් මහතාට සුභ පැතුම්.. මෙය කල්තබා දැනගැනීමට තරම් ප්‍රඥාවන්ත වූ ඔබට පාස්කු ප්‍රහාරය (තොරතුරු ලැබී තිබියදීත්) වලක්වා ගැනීමට නොහැකි වීම ගැන කණගාටුයි. ඔබලාගේ අරමුණ පැහැදිලියි මහත්තයෝ. තවදුරටත් ජනතාව මෝඩයින් ලෙස සැලකීම නවත්වන්න. මේ මොහොතේ රට ගැන, ජනතාව ගැන හැගීමක් නිබුනා නම් ඔබලාට ඔය හමුවට සහභාගී වෙන්න තිබුනා. ජනතාව වෙනුවෙන් සැබෑ විපක්ෂයක් ලෙස කටයුතු කරන්නට තිබුනා. මේ මොහොතේදීවත් ඔය පක්ෂ බේදය දුරලලා ජනතාව ගැන හිතන්න ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න. ඒ වෙනුවෙන් හඩ නගන්න. එහෙම කලොත් ජනතාව ඉදිවී ඔබලා සමග.
බලයට ඇති තණ්හාව නිසා තමයි මේ හැම කරදරයක්ම.
මේ වෙලාවේ කොයි කවුරුත් සමගියෙන් එකතුවෙලා රජය ගෙන යන වැඩ පිළිවෙලට සහය දක්වලා කොරෝනා ජය ගෙන ඉවර වෙලා කරපු වැඩ වල හරි වැරැද්ද පස්සේ විවේචන කරා නම් වැඩිය හොඳයි.
අලියා ආපසු හැරෙන එක ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ තරම් බුද්ධියක් ඇති සතෙකි.
ආපසූ ... හැරේන් ... වම දකුණ වම
ඉතින් මොකටද එන්න කියන්නේ
මදැයි, ඔය වගේ අලියන් සහ සීනු 87 - 89 කාලෙදිත් එකට හිටියනම් අර 60,000ක් කොල්ලෝ කෙල්ලෝ කටුකම්බි සහ ටයර් මාල කන්නේ නැහැ නේද?
මමද? එජාපයට චන්දය දෙන කෙනෙක්. ඒ උනත් සමුළුවට එජාපයට ගියානම් යන්න වෙන්නේ මන්ත‍්‍රීවරු 10ක් පමණි. ඒ නිසා මෙම සමුළුවට එජාපය ගියේ නැත.
කොරෝනා බිය සහ පීඩාව අතරේ පාටි දාන්න හදන අගමැතිගේ සූදානම රට වැසියෝ සියලු දෙනා හෙලා දැකිය යුතුයි.
Ranil කණ්ඩායම යටින් ඩිල් දැම්මට උඩින් ඩිල් දමන බව නොපෙන්වීමට වගබලා ගනිති , ඕකට ගියානම් එක ඕනෙම මෝඩයෙකුට තේරෙන නිසා ඔවුන්ට සිදුවන්නේ දැනට ඉතිරිව තිබෙන කැපුවත් කොළ කියල හැමදාම අලියට කතිරේ ගසන මෝඩයන්ගේ චන්ද සෙට් එකෙන් භාගයකුත් නැති වෙන එකය... එවිට දැනට අලියට තිබෙන 4%-6% අතර චන්ද ප්‍රතිශතය 2%-4% ප්‍රමාණයට පහල බැහැල ඇපත් රාජසන්තක වෙනු ඇත...