අංජුල මහීක වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (11) පැවසුවාය.
ඒ කාරණය ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙසත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කිරිම පිළිබඳව පක්ෂ මන්ත්‍රී මණ්ඩලයේ දී සාකච්ඡා වු බව කී ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඒ පීළිබඳව තීරණයකට එළැඹෙනු ඇතැයි ද ඇය කීවාය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ජනතාවගේ හැඩගැස්ම හඳුනන. ගම මට්ටමේ, බිම් මට්ටමේ මිනිසාගේ දහදිය සුවඳ හඳුනන අපේ සජිත් මැතිඳුනි. එන්න රට හදන්න...
බණ්ඩාරනායක මහත්තයට ඉස්සරහිනුත් වෙඩි තිබ්බා. අද සිරිසේන පාවාදීම්කාරයා පස්ස පැත්තෙනුත් වෙඩි තිබ්බා.
ජනාධිපති වශයෙන් පරංගි ජාතිකයෙකුත් අගමැති වශයෙන් අඩු කුලයේ කෙනෙකුත් යන තේමාවෙන් ඉදිරියට යාම..
එදා ජෙඅර් ජනපති ආර් ප්‍රේමදාස අගමැති සුසංයෝගය මෙන් අද රාජතන්ට්‍රිකයකු ප්‍රජත්නත්රවදියකු, උගතකුවන රනිල් සහ ජනහිතකාමී දේශපාලකයකුවන සජිත් එක්විම ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයකි.
කොලොන්නාව ගංවතුරෙන් යටවෙනවා. මීතොටමුල්ල කුණුකන්දෙන් යටවුණා. ඒවා ගැන කතා නැහැ නේද? මහා ලොකුවට ආවේ කොලොන්නාවේ ජනතාවට සේවය කරන හැටි කියලා. ඊට පස්සේ රත්මලානට පැන්නා. පළාතට කරපු එක සේවයක් කියමුකෝ බලන්න. බලය ගන්න චන්ඩි පාට් දාන්න විතරක්ද දන්නේ...
ප්‍රේක්ෂකාගාරයෙන් හිනා... හි හි.. හි...
ඔළුගෙඩි මාරු කළාට වැඩක් නැහැ.. බුද්ධියක් නැති මිනිස්සු මාරු කරන්න ඕනෑ..
අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. එජාපය අවුරුදු තුනහමාරක් රට පාලනය කළා. මට හිතුනේ පසුගිය යුද්ධය තිබුණු අවුරුදු 30 හා සමාන කාලසීමාවක් වගේ කියලා. ඒජාපය වෙන රටක දේශපාලනයක් කරන්න හදනවා වගේ කියලා මට හිතෙන්නේ. ලංකාවට හරියන දේශපාලනයක් එජාපයට නැහැ...
භාරත නැමැති සුන්දර මිනිසාගේ දියණිය... ඔබේ අරමුණ එක වුණාට මහ ජනයාගේ අරමුණ එ්ක නොවන බව 05 වෙනිදාට තේරේවි. නායකයන් බිහිකිරීමට පෙර දෑ හිතකාමී පක්ෂයක් බවට යූ.එන්.පී. එක පත් කරන්න.. දැනට ඔයාගේ පක්ෂය බටහිරට ගැති ඩයස්පෝරාවට යටවෙච්ච හිවල් රෑනක් ඉන්න එකක් බව කණගාටුවෙන් දන්වමි...
නියමයි එන්න ඡන්දයට ඉතුරු ටික අපි බලා ගන්නම්......
ජය වේවා!!!!!!
සජිත් මීළඟ අගමැති
රනිල්ට ජනපතිකම කෙසේවෙතත් අගමැතිකමවත් ආරක්ෂා කරගන්න ඕනේ නම් දැන්සිටම සජිත් එජාපෙ අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුය. රනිල්ට නම් ජනාධිපතිවරණයක් දිනන්න බැරිය...
බුදු අම්මෝ වික්‍රමසිංහ මහත්තයා ජනපති වෙනවනං අපි නිවන් යනවා...!!!
එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙල ප්‍රසිද්ධ නොකරන්න. මෙවර බලයට ඇවිත් වැඩ පෙන්වන්න සේරම... හොරුටික එක පොදියට අරන් වැඩපෙන්වන්න... බොරු පොරොන්දු දෙන්න එපා...
අපේ ඡන්දෙත් සජිත්ට
ඔබ ඡන්දෙන් රනිල් අගමැති වී නැවත මංගල ලවා ජනතාවගේ පික් පොකට් ගැසීම යලි ආරම්භ කරනු ඇත.
මේ හිරුනිකාලා හදන්නේ පෙන්ෂන් එක බේරගන්න. සජිත්ට අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිතුමාට කරන්න ගියාවගේ දිසානායකලා සහ ජයසූරියලා ගේමක් දේවි...
මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කළා වගේ, රනිලුත් එක්සත් ජාතික පක්ෂය ළඟදීම විනාශ කරාවි.
අරයට විශේෂ සමාවක් ඉස්සරහට ලැබෙයි කියලා හැමෝම කියනවා නේද?
දවල් හීන පේන්නේ මට විතරද?
2030 වෙන දෙයකට
ජනතාවට මනාප දෙනවට පැන්ෂන් එකක් දෙන්න බැරිද?