(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමිනීමෙන් අදාල නාම යෝජනා භාර දීමට හැකි වි නැති බව කියයි.
ඒ හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවර්ණයෙදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අවස්ථාව අහිමි වි තිබේ.
නාම යෝජනා භාර ගැනිම අවසන් වු 21 දිනයෙ මෙම නාම යෝජනාව භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරන්පොල මහතා පැමිණි විට එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයෙ අමතක වී ඇති බව තහවුරු වීය.
කෙසේ වෙතත් මෙම නාම යෝජනා අමතක වී තිබිම ගැන එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසල රැදි සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිමට සුදානමින් සිටි එජාප අපෙක්ෂකයින් පිරිසක් සරත් බරන්පොල මහතාට බැන බදිමින් උණුසුම් තත්වයක් ඇතිවිය.
දැන ගැනිමට හැකිවුයේ මෙම නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් එළියට රැගෙන ආ නමුත් එහි තාප්පයක් මත තබා කිසියම් කටයුත්තක නිරත වී ඇති බවත් පසුව එය ලබා ගැනිමට අමතක වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබදව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතාට අවස්ථා කිපයක් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් අදාල පිළිතුර ලබා ගැනිමට නොහැකි විනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අපේක්ෂකයින් හරි කල්පනාකාරීව කටයුතු කරන්නේ නැත්නම් ඔවුන් වැඩක් නැහැ.. කොහොමත් ලංකාවේ දේශපාලුවන් වැඩ කරන්නේ, තීරණ ගන්නේ බඩගිනි වුණාම උයලා තියෙන්නේ මොනවද කියලා බලනවා වගෙයි... උයන්න අවශ්‍ය දේ තිබේද? ඒවා ගන්නේ කොහොමද බලන්නේ නැහැ.. අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට නොහැකි අයට ඡන්දය දීමෙන් තමයි රටට විනයක් වුනේ...
නාම යෝජනා තාප්පෙ උඩ... ඡන්දෙන් පස්සේ අලියා කොට උඩ...
සාදු සාදු සා......දු...!
ඇත්තටම අපි පව්...! උන්හිටි තැනුත් එක්ක රටත් අමතක වෙලා යයිද මන්දා? රට කරවන්නේ මේ අයගේ නායකයෝනේ ඉතින්...
තමන්ගේ නාම යෝජනාවන්වත් නිසි පරිදි බාරදීමට නොහැකි පක්ෂයකටද රටේ අනාගතය බාර දෙන්නේ...?
ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලියේ උපමාවක් තියෙනවා ආඳා යවලා වල්පත ගත්තා සේ කියලා... මේකත් ඒ වගේමයි. මොකද නාමයෝජනා බාරදීමට තිබුණේ එක දවසක් නොවෙයිනේ... ඇයි නාමයෝජනා දීමට අවශ්‍යතාව තිබුණා නම් කල් ඇතිව බාරදීමට කටයුතු නොකළේ කියලා අහන්න කැමැතියි... මුලින්ම දිනයේ නාමයෝජනා දුන්නා නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැ රටේ වෙලා තියෙන්නේ... ඕකම තමයි බලන්න සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පටන් ගන්නේ අවුරුද්දේ අවසන් කාර්තුවේ තමයි... ඉතින් ව්‍යාපෘතියත් නැහැ රටේ මුදලුත් නැහැ...
කවුරු හෝ නොසැලකිල්ලෙන් වැඩක් අතපසු කළොත් කියන්න අලුතින් උපමාවක් හැදිලා තියෙනවා... එජාප මහලේකම් වෙන්නප්පුවට නාම යෝජනා ගෙනගියා වගෙයි කියලා...
ඇප මුදල යන්තම් බේරුණා...
පරදින බව දන්න නිසා කරපු මගඩි වැඩක් වෙන්න බැරිද?
ඒක එහෙම වෙච්චි එක හොඳයි. කොහොමත් ඇපත් නැති වෙනවනේ. දැන් ඉතිං ලැජ්ජාවෙන් බේරෙන්න පුළුවන්...!
ඕක බාරදුන්නත් එක ආසනයක් වත් ගන්න බෑ. රනිල් බරන්පොල මහත්තයට ස්තුති කලාලු.
නායකයාව අනුගමනය කරන්න ; ඔහු මුලින්ම කළ යුත්තේ කුමක්දැයි නොදනී!