(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත් පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී පැවැසීය.
පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සම්මේලනයක් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙස තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තු කණ්ඩායමට රැස්වී පක්ෂ නායකත්වය තීරණය කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (15) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
පක්ෂ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය මාරු කිරීමේ හෝ ඉවත් කිරීමේ හෝ කිසිඳු බලයක් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා මහමැතිවරණයෙන් පසු තේරී පත්ව එන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකළ යුතුව ඇති බවත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කිසිඳු වෙනසක් මේ වෙලාවේ සිදු නොකිරීම පක්ෂයේ අභිවෘද්ධිය සඳහා ගත යුතු ඉතාම වැදගත් තීරණයක් බවත් ඔහු කියා සිටියේය.
නායකත්වය සම්බන්ධයෙන් කුමන රැස්වීමක් තිබුණත් අමුතු තීරණයක් නොලැබෙන බවත් කී මන්ත්‍රීවරයා පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන බලවේග සියල්ලක්ම නියත වශයෙන්ම පරාජය කරන බවත් වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්පතිගෙනුත් සල්ලි ගත්තා...
එ්ක හොඳයි ඉල්ලන ඉල්ලන හැමඑකම දෙන්න ගියාම අන්තිමට ඉරත්, හඳත් ඉල්ලයි
අපිට උගන්නලා තියෙනවා නායකයන් වර්ග 5කට බෙදන්න පුළුවන් කියලා. මෙයාව වැටෙන්නේ කොයි එකටද කියලා මට හිතාගන්න බැරි හැටි අම්මපා...
එ්ක හොඳයි. මාමණ්ඩිගේ කැමැත්ත තිබුනේ රටේ විධායක ජනාධිපති වෙලා ඉන්න. ඒ වුණත් එදා අර හාල් ගෝනි, කරවල, පරිප්පු, කාරයන් වැඩේ බකල් කළා. පස්සේ බෑණා අාවා. එයාගෙත් බලාපොරොත්තුව තිබුනේ මැරෙනකල් රටේ විධායක ජනාධිපති වෙන්න මොන යටිකුට්ටු ක්‍රමයකින් හරි. නමුත් දැන් ඒ බලාපොරොත්තු සුන්වෙලා. එළිපිටම නැතිවුණත් එ්කටත් අකුල් හෙලුවේ අර හාල් ගෝනි, කරවල, පරිප්පු, කාරයෝම තමයි. මෙය ඒ ගොල්ලන්ගේ අඟේ ඉඳන් කණ කන්න ගියා. ඊටකලින් ඒ ගොල්ලෝ මෙයාගේ අඟේ ඉඳන් කණ කෑවා. දැන් කරන්න තියෙන එකම දේ මැරෙනකල් ඔය නායකත්වයේවත් ඉන්න බලන එකතමයි. මොකද දීලා අයින් වෙන්න හරිහමන් තමන්ගේ කෙනෙකුත් නැහැ. පුරුදු කරලා ගන්න හදපු බෑණත් මහා නිදිමතයෙක්නේ.
මේ නායකයාව පරිස්සම් කරගන්න. කීයටවත්, කොහෙන්වත් ගන්න බැරි නායකයක්. මෙයා 2010 පරාජයි. 2015 ගයන්තගේ පිහිටෙන් ආවේ. මේ පාරත් හැලෙනවාමයි.
ඕක අපි කලින්ම දන්නවා. අර මොකක්ද එකවගේ තමයි. වැනෙනවා විතරයි, වැටෙන්නේ නැහැ. අපරාදේ පාක්ෂිකයන් පස්සෙන් යනවා වැටෙනකල්...
නායකත්වය වෙනස් කරන්න අකමැති නම් හැමදාම විපක්ෂයේ ඉන්නත් කැමති ඇති. තව ටික කලක් ගියාම විපක්ෂයත් නැතිව තෙවැනි පක්ෂයක් වෙන්නත් ඉඩ තිබෙනවා.
ඔබතුමාගේ කතාවට අපි එකඟයි. මොකද එක එක මිනිස්සු කියන විදියට නායකයා වෙනස් කරන්න බෑ.
එහෙනම් ඡන්ද ප්‍රතිඵලේ වෙනසක් වෙන එකකුත් නැහැ..!
කිසිම බලලෝභී කමක් නැති අවංක නායකයා මොකට මාරු කරනවද තව කල් තියෙනවා.
මහ මැතිවරණයකදීවත් අවම වශයෙන් ඔහු මූලිකත්වය ගත යුතුයි.
යන්තම් ඇති මම බයෙන් හිටියේ...
අදාල නැහැනේ. අපි එජාපයට කතිරෙ ගහන්නේ නැහැනේ.
එක්සත් ජාතික පක්ෂය බෙදන්න හෝ නායකත්වයේ වෙනසකට දැන් මහජනතාව ඉඩ නොදෙන බව ඔවුන්ට කිව යුතුයි. ඔය අඳබාල පිරිසට වහාම පක්ෂය අතහැර යන ලෙසට නියෝග කළ යුතුයි. සජිත් යනු තවත් එක වැඩ බැරි කයිවාරුකාරයෙක් පමණක් බව මිනිසුන් දැන් හොඳින් දනී.
මෙතුමා ගැන රන්ජන්ගෙ හඬපටවල තිබුන කතාව නං සහතික ඇත්ත කියලා හිතෙනවා.
දැනට වඩා වෙනසක්... වෙනසකුත් ආයෙත් ඕකේ වෙන්නෙත් නැහැ..
රටත් කාලා පක්ෂයත් කාලා තවත් නායක කමේ ඉන්න බලනවා. හිතන් ඉන්නේ මහා මොළ කාරයා කියලා.
මේ මම නෙමේ. සජිත් සහ අපතයන් පන්නා පක්‍ෂය සහ නායකත්වය රැකගමු.
ඔහොම ඉන්න එකාම කාගෙන විනාශ කරගෙන ගියොත් ඉතින් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලට ගියකලම තමයි එජාපෙ ටත්... "වයධම්මා සංඛාරා" තමයි ඉතින්...
කිසිම වෙනසක් කරන්න එපා. ලොකු ප්‍රේමදාස, JRට දාපු ජාති පොඩි ප්‍රේමදාස රනිල්ට දානවා වගෙයි.