(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට අදාළව පැවැත්වීමට සැලසුම් කළ "ඔන්ලයින් සමුළු 75" වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදෙන ලබන සිකුරාදා (17) දින සිට මෙම සමුළු ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පක්ෂ සම්මේලනය අවසානයේ සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75 ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබිණි.
මෙම ඔන්ලයින් සම්මන්ත්‍රණ 75න් ලැබෙන ප්‍රතිචාර පදනම් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමටත් ඊට අමතරව ඔන්ලයින් ක්‍රමවේදය අනුව රට පුරාම සාමාජිකයන් බඳවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණයට එළැඹ තිබේ.
ඔන්ලයින් සමුළු ඇරඹීමට සමගාමීව පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතුද ආරම්භ කරන ලෙස ද පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් 'ගොන්ලයින්' එකක්
ඔබ තුමා දීපු ෆ්‍රී වයිෆයි නිසා අපිට ඔන්ලයින් එන්න පුලුවන්.
දැන් ඉතින් ඇම්ඩන්ගේ ඇම්බැට්ටයෝ ටික අඟහරු ලෝකෙටම ඇහෙන්න කෑ මොර දෙයි අපි තමයි ඔන්ලයින් පළමු සමුළුව ලංකාවේ පැවැත්තුවේ කියල..... හෙට දින මුන්දෑ කියයි මම වැසිකිලි යන්නෙත් ඔන්ලයින් ක්‍රමයට කියල... අනේ මෙහෙමත් ගොන් පාට්....
එජාපය පාලනය කරන්නේ අන්ධයෝ, ගොලුවෝ, බිහිරෝද කියලා හිතෙනවා. ඕනෑම මෝඩයෙකුට තේරෙන දේ මේ රනිල් කරේ තියන් යන අයට නොතේරෙන එක මහාම පුදුමයක්. මේ මොන ඔන්ලයින් සමුළුද?
තාමත් අපිව අන්දන්න බලනවා.
රටේ දරුවන්ට ඉගෙනගන්න නැති ඔන්ලයින් තමුසෙලාට ඕන මගුලකට තියනවා නේද ?
සමුළුවට කී දෙනෙක් ආවද කියල අපිට හොයාගන්න බැහැ. ඒකයි ඔන්ලයින් ක්‍රමයට කරන්නේ