(අංජුල මහික වීරරත්න)
වර්ෂ 2022 ක්‍රියාත්මක කරන අංගසම්පූර්ණ වැඩපිළිවෙළ ඇතුළත් එක්සත් ජාතික පක්ෂ ඉදිරි දර්ශනයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික අනුමැතිය ලබා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
අංගසම්පූර්ණ දර්ශනයක් යටතේ පක්ෂයේත් සිරිකොත මූලස්ථානයේත් විශාල පරිවර්තනයක් ඉදිරියේදී සිදුවන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් මේ වසරේ ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කරන බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
එජාප ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ නවීන් දිසානායක මහත්වරුන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී වෙනත් ස්ථාවරයක් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය රටට රටට හඳුන්වා දීමට ක්‍රියා කරන අලුත් මුහුණු පිළිබඳව හිටපු ඇමැතිවරුන් දෙදෙනාගේ එකඟතාවය පළ නොකෙරුණු බව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුව තමයි...!
මයේ අප්පෝ අලුත් තාලේ බයිස්කෝප් එකක් වෙන්න ඇති.
ඔය දෙන්න නැතුව ගියොත් නම් පක්ෂය ගොඩ ගන්න පුළුවන් වෙයි.
එතුමන් දෙදෙනා ඉතා නිවැරදියි මොකද 1994 සිටම ක්‍රියාත්මක කලේ එදාවේල ටුවර්ස් න්‍යායක් කිසිම දුරදිග බැලීමක් නැහැ .කිසිම සැලසුමක් නැහැ .අපි දැක්කා ආණ්ඩුව ගත් අවස්ථාවන් දෙකකම සැලසුමක් නැතුව වැඩ සැලැස්ම සකසන තුරු දින සියය දින දෙසීය කියන අටමගල් අටවාගෙන් කරපු විගඩං .කරන්න තියෙන්නෙ අඩුම තරමින් අවුරුදු 15 කටවත් සැලසුම් හදල වසරින් වසර ක්‍රියාත්මක කිරීමයි ඔහොම කරල 2025 දී ආසනයක් වත් ගත්තොත් ඇති (පිං ආසනයක් නොවෙයි )
"අංගසම්පූර්ණ දර්ශනයක් යටතේ පක්ෂයේත් සිරිකොත මූලස්ථානයේත් විශාල පරිවර්තනයක් සිදු කිරීමට නම් කාල මාපකය ආපස්සට කරකවා මෙහි සිටින සියලුම ගල් ආදන්ව නැවත තිබිරිගෙට යවා එතන සිටම පටන්ගත්තොත් හොද... ආ රටේ තිබෙන සියලුම මලපෙරේත පක්ෂ මොන විදියට පරිවර්තනය කිරීමකට බාජනය වුවත් මේ හැම පක්ෂෙම ඉන්න අගේ තිබෙන්නේ හොරකම වංචාවය එබැවින් මේ සෑම පක්ෂයකම ඉන්න මලපෙරේතයන් උන්ගේ නෑ පරපුර සමගද රටින් පිටුවහල් කල යුතුමය.
කතාව විතරයි. මීළඟ මැතිවරණයේදී පිනට ලැබුන එකත් නැතිවෙයි.
මොන විදියේ අළුත් දර්ශන පෙන්නුවත් ඉන්නේ පරන කට්ටියමයි. ඒ නිසා කියන තරම් ලොකුවෙනසක් ඇතිවන්නේ නැති බව ස්ථිරයි.