IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.

ජනාධිපතිවරයා අනිද්දා (4) සිට 6 වැනි දා දක්වා වියට්නාම සංචාරයේ නිරත වීමට නියමිතය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතය.

තවද හෝ චි මිං නගරයේදී මැයි 6 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.

එසේම, මෙම සංචාරයේදී ලංකා-වියට්නාම් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වෙති.

 



අදහස් (9)

එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර

Aruna Friday, 02 May 2025 10:10 PM

වැද්දන්ගෙනුත් බණ අහන්න වෙනවා..

:       0       0

Lilan Saturday, 03 May 2025 12:35 AM

නියම කෙනාව ප්‍රධාන ආරාධිත කරලා තියෙන්නේ...!

:       0       0

කව්ද බෝයි Saturday, 03 May 2025 12:52 AM

ෆෙරාරි සීයාට ආරාධනාවක් නැතෙයි...?

:       0       0

යෝගා Saturday, 03 May 2025 06:25 AM

කසිප්පු මුදලාලි කෙනෙකුට අමධ්‍යප ව්‍යාපාරයකට ආරාධනාළා වගේ. එතැන ගිහින් කියන්න වෙන්නෙත් පචයක්ම තමයි...

:       0       0

M.withanachchi Saturday, 03 May 2025 06:46 AM

ලෙක්චර් එක දෙන්නේ සිංහලෙන්ද? මොකද එයාට ඉංග්‍රීසි වලින් කතාව දෙන්න බැහැ...!

:       0       0

ramani perera Saturday, 03 May 2025 10:08 AM

අවුරුදු 76ක් තිස්සේ මේ දූපත සංවර්ධනය කරන්න නොදී කකුලෙන් ඇදලා දැමූ එවුන් යනවා මේ දූපතට වඩා අන්ත සරණ වෙලා ඉඳලා දියුණු වුණ වියට්නාමයට ආධාර ගන්න. රෙදි ඇඳගෙනද මේ දුවන්නේ කිහල්ලා

:       0       0

Asanga Saturday, 03 May 2025 10:27 AM

මෙයා බෞද්ධ විරෝදයෙක් කියලා දන්නෙ නැද්ද? මුල ඉදලම බෞද්ධයන්ට කුඩම්මගෙ සැලකිලි දුන්නේ

:       0       0

prasanna Saturday, 03 May 2025 05:00 PM

ඔයාගේ උත්සවයත් මහනුවර වගේ විශාකාවක් වේවි.

:       1       1

Upasika Saturday, 03 May 2025 10:49 PM

නිරාගමිකයන්ට මේකටත් වඩා හොඳ පාඩමක් තියෙනවාද!!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site