(ටී.කේ.ජී.කපිල)  

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (24) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද (24) දහවල් 1.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු,පී.සී.ආර්.පරීක්ෂණ ගුවන් තොටුපළ තුළ දී සිදු කෙරිණි.