(යොහාන් භාසුර)
එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, එම ගිනිඅවියට යොදන උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52 ක් සමඟ පුද්ගලයකු මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල්වත්ත ප්‍රදේශයදී පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
මෙහිදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 48 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු, ගිනි අවිය, උණ්ඩ සහ කේරළ ගංජා වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය බාරදුන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd