(විමුක්ති එස් රුද්‍රිගු) පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකදී ප්‍රශ්න කිරීමට අවසර ලබා දීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව සිය විමර්ශනය අවසන් කරන තුරු ඡන්ද විමසීමට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු නොකරන ලෙස සියලු බලධාරීන්ට උපදෙස් දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිට ඇති බවත් එළඹෙන 22 වැනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ අතුරු නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු බලධාරීන් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම සුදුසුදැයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන් වඩාත් ප්‍රවේශමෙන් නැවත වරක් සලකා බලනු ඇතැයි බලාපරොත්තු වන බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ නික් වයිනීල් මහතා ප්‍රකාශ කර ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවීමට පාර්ශ්ව දිරිමත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය ඉතාමත් ප්‍රවේශමෙන් නැවත වරක් සළකා බලනු ඇතැයිද බලාපරොත්තු වන බව නීතිඥ නික් වයිනීල් මහතා පෙන්වා දී තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය සහ අනිවාර්ය කරුණක් බවත් ආණ්ඩුව අධිකරණ නියෝග පිළිපැදීමද නීතියේ ආධිපත්‍ය සඳහා අනිවාර්ය කරුණක් බවත් නීතිඥ නික් වයිනීල් මහතා සඳහන් කර ඇත. ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගැනීමට තීරණය කර ඇති ක්‍රියාමාර්ගය අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරන බව ප්‍රකාශ කර ඇතැයි නීතිඥ නික් වයිනීල් මහතා පෙන්වා දී තිබේ.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ නික් වයිනීල් , ඔබ ඔබේ වැඩක් බලාගෙන,අනුන්ගේ වැඩවලට අතදාලා අත පුච්චාගන්නේ නැතිව ඉන්නවා.ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගෙන් 1972 දී සම්පුර්ණයෙන්ම නිදහස්වුන ස්වාධින ,100% ප්‍රජාතන්ත්‍රවාදී ,පුර්ණ ස්වයංපෝෂි ,ධනවත් රාජ්‍යයක්බව ඔබට අමතකවෙලාද ?ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ජනතාව වෙසෙන්නේ මේ ධර්ම ද්වීපයේ බව අදවත් දැනගන්න.අපේ රටේ රාජ්‍ය පාලනය කරන්නේ අපිට ඕනා විදිහට අපේ ධර්මයෙන් මිසක් ඔබලා වැනි පරසුද්දෝ කියන කියන විදිහට නොවනබවත් ,අවශ්‍යනම් ඕනෑම නඩුකාරයෙක්ව එල්ලන්න වුනත් බලයක් , මාව පත්කරගත්ත උත්තරීතර පට්ටම පට්ට හොරු 134 දෙනෙක් විසින් මාවෙත පවරාදී ඇත. එනිසා මේ ඉතාමත්ම හොඳින් කියන්නේ නිකම් අනවශ්‍ය ලෙඩ ඇදගෙන මාව නරක මිනිහයි කියන්න එපා.මට දැන් උන්නත් එකයි මලත් එකයි.යන්න වුනොත් එංගලන්තෙටත් කෙලවලාම යනවා.
ලන්කාවෙ දැන් තියෙන්නෙ මදාවින්ගෙ ආදිපත්‍යය.
ඔක තමයි කියන්නේ මේ විවස්ථාව වෙනස් කර 1972 ට පෙර විවස්ථාවට සමාන විවස්ථාවක් ගෙන ආ යුතුයි කියලා.නාගහනන්ද කොඩිතුවක්කු සම්පාදනය කර තියෙන්නේ එවැන්නක්. එතෙක් මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් රට බේරා ගත නොහැකිය. අධිකරණය ස්වාධීන වී ඉහලම තැන තිබිය යුතුය. දේශපාලුවන්ගෙන් තොර ස්වාධීන කොමිසන් සභා මගින් රට පාලනය වීය යුතුය. එවිට මේ දේශපාලුවන් නඩත්තු කිරීමට යන වියදම් අල්ප වේ.
ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව වෙට්ටු දමදමා කල් දැමීම, නොපැවැත්වීම ඉතා නිහීන අනෛතික ක්‍රියාවක් බව ඇත්ත. ඒත් දැන් ප්‍රශ්නය ඒ ආණ්ඩුවේ ප්‍රධානියා මේ රටේ ජනාධිපතිද, නැතිනම් ඔය කියන රටේ අගමැති හෝ මහරැජින ද කියන එක. ඉස් ඉස්සෙල්ලා ඒ ප්‍රශ්නය නිරාකරණය කරගෙන ඉන්න වෙයි...