(එම්.කේ.නන්දසේන)
එංගලන්ත ජාතික තරුණ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 38 හැවිරිදි ධීවරයෙකු කිරින්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව මවුපියන් සමග කිරින්දට පැමිණ ගොඩාන හංදිය සීමාවේ නවාතැනක් ලබාගැනීම සඳහා ගොස් තිබේ.
ඇය අදාල නවාතැන් පොල ඉදිරිපිට මාර්ගයේ සිටියදී මහ මග ගමන් ගත් පුද්ගලයෙකු තමා අසලට පැමිණ තමා බදාගෙන බලහත්කාරයෙන් සිප වැළඳ ගත් බවත්, එම පුද්ගලයා සමග පොර බැඳීමේදී ඔහු පලාගිය බවත් කළ පැමිණිල්ලේ සදහන්ය.
අනතුරුව මෙම කාන්තාව අදාල පුද්ගලයාට අයත් එම ස්ථානයේ වැටී තිබූ ජංගම දුරකථනයද කිරින්ද පොලීසියට බාර දෙමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.
එම ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කිරින්ද පොලිසියේ නිලධාරීන් පිරිසක් මාගම ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද (23) තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් තැන බිලිකොක්කක් ගහලා එල්ලන්න ඕනේ ගහක. පුදුමලෙස අසහනකාරයින් පිරිච්ච රටක් ලංකාව. සුද්දන්ගේ රටවල අපිට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් මේක...
දකුනු පලාතෙ මුහුදු, වෙරලෙ රස්තියාදු ගහන රස්තියාදු කාරයන්ගෙන් සන්චාරකයන්ට සහ සන්චාරක හෝල් වලට සිදවන කරදර දැන් නැවතත් වැඩි වෙමින් පවතිනව , මෙ ගැන සොයා බලා වහාම පියවරක් ගන්න ඔනෙ , මෙ ප්‍රශ්නෙ ඔඩු දුවල විසදුම් දෙන්න අමාරු තත්වයට යන්න කලින් මොවුන්ට දඩි දඩුවම් දෙන් ඔනෙ අනික් මිනිස්සුන්ටත් පාඩම්ක් ඉගෙන ගන්න එක්ක.
ඇත්තටම මේක පටන් ගන්නේ කටුනායක ගුවන් තොටුපලේ ඉඳලා. දවස් දෙකකට පෙර යාලුවෙක් එන නිසා එතනට ගියා. එතන එලියට ආව චීන වගේ තරුණියක් පස්සෙන් ලා නිල්පාට uniform එකක් ඇඳපු තරුණයෙක් ඒ තනියෙන් හිටපු තරුණියට කරදර කෙරුවා. අපි ඔහුට තර්ජනය කෙරුවා පොලිසියට කියනවා කියලා එතකොට තමයි එයා ඉක්මනින් මාරුවෙලා ගියේ. හුඟක් websites වල තියෙනවා විදේශ තරුණියන්ට තනියෙන් beach වලට හෝ pubs වගේ දේවල් වලට යන්න එපා හරියට කරදර කරනවා කියලා ලංකාවේ මිනිස්සු. ජරාම ජාතියක් වෙලා.
මම දකුණු පළාතේ කියලා ලිව්වේ මම ජීවත් වෙන්නේ දකුණු පාළාතේ නිසාය. අනිත්පළාත් ගැන මම වැඩිපුර දන්නේ නැහැ. මේවා කරන්නේ රස්තියාදුකාරයෝ අතලොස්සක්. සංචාරකයෙකුට නිදහසේ පාරක තොටක යන්න නැහැ වෙරළක විවේකයක් ගන්න නැහැ. පස්සේන් ඇවිත් කරදර කරනවා. මේවා ගැන හොයා බලා සංචාරක මාර්ගෝපදේශකයන් පුහුණු කර ලියාපදිංචි කර ඔවුන්ට සුදු අත්කොට කමිසයක් වැනි යුනිෆෝම් එකක් සහ හැඳුනුම්පතක් දෙන්න ඕනි. ඔවුන්ට කොණ්ඩය රැවුල කොටට කැපීම අනිවාර්යය කරන්න ඕනි. ඔවුන්ට මේවා දෙන්න ඉස්සරවෙලා මොවුන්ගේ පෙර වැරදි ගැන හොඳට සෙයා බැලීම අවශ්‍ය වෙනවා. පෙර වැරදි තිබෙන පුද්ගලයන්ට මේවා දෙන්න හොඳ නැහැ.