
මේවනවිට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ මැදපෙරදිග කලාපයටය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක් වී, ඉරානයේ මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.
ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලයටත්, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා කදවුරු සහ ඇමෙරිකන් ඉලක්කවලටත් ප්‍රහාර එල්ල කරයි.
ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවට අනුව, ඔවුන් ඉරාන ඉස්ලාසීය රෙජීමයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ 'එපික් ෆියුරි' Epic Fury යන නමිනි.
ට්‍රම්ප් සදහන් කර ඇති පරිදි, 'එපික් ෆියුරි' මෙහෙයුමේ අරමුණ ඉරානයේ මිසයිල පද්ධති සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කර දැමීමය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට අනුව, එරට ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම නම් කර ඇත්තේ 'ලයන්ස් රෝර්' Operation Lion’s Roar හෙවත් හෙවත් 'සිංහ ගර්ජනාව' යනුවෙනි. මීට මාස කීපයකට පෙර ඊශ්‍රායලය ඉරානය සමහ ගැටුම් ඇති කර ගත්තේය. ඒම හමුදා මෙහෙයුම Rising Lion යනුවෙන් හැදින්විණි.
Operation Lion’s Roar මෙහෙයුම Rising Lion මෙහෙයුමට වඩා දරුණු යැයි ඊශ්‍රායලය පවසා ඇත.
ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිචාර දක්වමින්, ඉරානය ආරම්භ කළ හමුදා මෙහෙයුම 'ටෲ ප්‍රොමිස්' True Promise 4 හෙවත් සැබෑ පොරොන්දුව යනුවෙන් නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd