
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අර මුදල( Srilanka Rebuilding Fund) දිට්වා කාලගුණ විපත සිදුවී මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
මෙම ගැටළුව වහාම නිරවුල් කරන ලෙස දන්වමින් කමිටුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල තවමත් ව්‍යවස්ථාපිතව ස්ථාපනය කර නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් වහාම නීතියක් ගෙන ආ යුතු බව පැවසූ සභාපතිවරයා එසේ නොකරන තාක් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල ( Srilanka Rebuilding Fund) යන නාමය පාවිච්චි නොකරන ලෙසටද අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
දිට්වා ආපදාව වෙනුවෙන් දේශීය සහ විදේශීය සියලුම ආධාර මුදල් දැනට ලැබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තු ගිණුමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd